කොළඹ අපේක්ෂකයාගේ ගෙදර මිදුලේ පාතාලයෝ යකා නටති

එතෙර සිටින පාතාලයන් තෝරාගත් දේශපාලකයන් සමග වැඩ පටන් අරන්...

විකුම් වික්‍රමසිංහ –

පාතාල සාමාජිකයන් මේ දිනවල කල්ලි වශයෙන් මහමැතිවරණයේ අපේක්ෂකයන් සමඟ සමීප ව සම්බන්ධ වෙමින් පවතින අතර පසුගියදා එක්තරා අපේක්ෂකයකුගේ නිවසේ පැවැති සාදයක දී ගැටුමක් ඇති කරගෙන තිබේ. එහිදී ගිනි අවි   පෙන්වා එකිනෙකාට තර්ජනය කර ගත් බව අනාවරණය වී ඇත.

මෙම සිදුවීම වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක අපෙක්ෂයකුගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදීය. කලක් කොළඹ දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක ඉහළ තනතුරක් දැරූ මෙම අපෙක්ෂකයාගේ සහයට ඉදිරිපත් වී සිටින්නේ දැනට ඉන්දියාවට පැන ගොස් සිටින අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලබාලයන්ය.

කප්පම් ගැනීම, කුලියට මිනිස් ඝාතන සිදු කිරීම වැනි කටයුතු සඳහා නම් දරා ඇති මෙම පාතාල නායකයාගේ මෙහෙයවීම මත මෙම අපේක්ෂකයාට ඔවුන් උදව් කරන අතර පසුගියදා මෙම අපේක්ෂකයාගේ නිවසේ රැස්වීමක් සහ සාදයක් පවත්වා ඇත. ඊට සහභාගී වූ ඔවුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක දී මෙම පුද්ගලයන් අවි ආයුධ   ප්‍රදර්ශනය කරමින් එකිනෙකාට තර්ජකනය කර ගත් බව පැවසේ.  ගැටුම මහා විනාශයකට යාම වැළකී ඇත්තේ   පුද්ගලයන් මැදිහත් වී ගැටුම නිරාකරණය කිරීමට කටයුතු කළ නිසාවෙනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොළඹ පමණක් නොව පිට පළාත්වලට පාතාල කල්ලි විවිධ දේශපාලකයන්ට සමීප වී කටයුතු කරන ආකාරයක් දැක්වෙන අතර මේ වන විට රටින් පිටව සිටින පාතාල නායකයින් කිහිප දෙනකුම තමන් මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තෝරාගෙන ඔවුන්ට විවිධාකාරයෙන් උදව් උපකාර ලබාදීමට   කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග ලංකාසර ට පුකාශ කළේය.

Exit mobile version