වාසනාව කැන්දාගෙන නිවුන් දරුපැටවු හය දෙනෙක් මෙලොව එළිය දුටු හැටි!    

මධ්‍යම රාත්‍රිය පසුකලා පමණි.  වේලාව හරියටම අද (21) අළුයම 12 පසුවී ගත වූයේ විනාඩි 16කි. ඒ  මොහොත  නයින්වෙල්ස් රෝහලේ වාර්තාගත සිදුවීමක් වන බව මහාචාර්ය ටිරාන් ඩයස්  ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමත් දරුප්‍රසූතියකට සූදානමින් සිටි මවක් හා ඔහුගේ ආදරණීය සැමියාත් හැර අන් කිසිවෙකුත් දැන සිටියේ නැත. 

මේ මොහොතේ ලෝකයේ ප්‍රීතිමත්ම අම්මයි තාත්තයි..

මේ මවගේ නම දසුනි  යැයි අපි සඳහන් කරමු. මන්ද මේ මොහොත වන විටත් ඇයගේ නම මාධ්‍යට ප්‍රසිද්ධ කර නොතිබුණු බැවිනි. අනුරාධපුරයේ උපන් ඇය විවාහයෙන් පසුව සිය සැමියා සමග  කොළඹ අයිඩීඑච් ප්‍රදේශයේ පදිංචියට පැමිණියාය. දසුනිකාගේ පළමු දරු උපත ලෝක වාර්තාවක් ලෙස සිදුවෙතැයි ඇය හෝ ඇගේ සැමියා කිසිවිටකත් නොසිතන්න ඇත.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය ටිරාන් ඩයස්   ඇයගේ ප්‍රථම දරු උපතට අවශ්‍ය කළමනාකරණය  සඳහා  තෝරා ගත්තාය. ඇයගේ කුස තුළ දරුවන් හයදෙනෙකු  වැ‌ඩෙන බව දැනගත් මහාචාර්යවරයා  ඇය කෙරෙහි දැඩි කැපවීමක් කරමින් නිරන්තරව අධීක්ෂණය කළේය. 


ඇයගේ රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම දරුගැබේ වර්ධනය  පරික්ෂාව නිරන්තරයෙන් කළ අතර  ස්කෑන් පරික්ෂාවන් මගින් සොයා බැලුවේය. ඔහුගේ වෛද්‍ය ජීවිතය තුළ අත් දකින ඉතාමත් බැරෑරුම් සිසේරියන් සැත්කමට මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම සූදානම් වූයේ මෙරට   ඉතිහාසය යළිත් ලියමිනි.ෙදරු ප්‍රසූතියට  නියමිත දිනයට සති දෙකකට පෙර ඇයව නයින්වේල්ස් රෝහල වෙත ඇතුළත් කර ගැනීමට තීරණය කරන ලදී. එසේ ඇතුළත් කල දසුණිව දිනපතා වෛද්‍ය පරික්ෂාවට ලක් කරමින් ඇයව අධීක්ෂණය කළේය. රුධිර  පීඩනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරමින් කුස තුළ වැඩෙන දරුවන්වද ස්කෑන් පරික්ෂාවකට ලක් කරමින් දැඩි අධීක්ෂණයක් කෙරිනි.  

මහාචාර්වරයා දසුනිගේ කායික සෞඛ්‍ය හා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිලිබඳව  විශේෂඥ වෛද්‍යවරුන් සමග අදහස් හුවමාරු කර ගනිමින් නිරන්තරයෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන යාවත්කාලීන වූයේය.   වෛද්‍ය කණ්ඩායම ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදිමින් කටයුතු කිරිමට දසුනිකා නිරන්තරයෙන්ම කටයුතු කළාය.  තම කුස තුල සිටින දරුවන් සය දෙනාම නිරෝගීව මෙලොව බිහි කිරීමේ අසීමිත බලාපොරොත්තුව ඇය තුළ විය. 

ඇයගේ දරු ප්‍රසූතිය සඳහා  මහාචාර්යවරයාට කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ෙ,  ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් ගම්වැසිගේ සහ බුත්දිම ජයසිංහ     ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ලැබුණේ නොමද සහයකි.ඔක්තෝම්බර් 21 වන දින අළුයම    12. 16ට දසුනිගේ කුස තුළ සිටි දරුවන් සයදෙනාගෙන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටුවේය. එම දරුවාගේ බර කිලෝ ග්රෑම් 1.6කි. ඊලඟ විනාඩි 2ක කාලය තුළ දී කුස තුළ සිටි ඉතිරි දරුවන් 5 දෙනාම මොලොව උපත  ලැබූහ. 

මෙසේ උපත ලද දරුවන් සය දෙනාගෙන් තුන් දෙනෙක් ගැහැණු දරුවන්ය. අනෙක් තුන් දෙනා පිරිමි දරුවන්ය.  දරුවන් සය දෙනා    මනා නිරෝගි තත්ත්වයෙනි.   දෙවන දරුවා නොමේරු ළදරු ඒ්කකයේ රැඳවීමට වෛද්‍ය කණ්ඩායම තීරණය කර ඇත්තේය.

සය නිවුන්  දරුවන්ගේ මව වූ  දසුණි මේ වන විට දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටින්නීය.  තුනුරුවන් සරණින්   ඇය ද මනා සෞඛ්‍ය තත්වයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වෛද්‍ය කණ්ඩායම

 

Exit mobile version