බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනාධිපතිවරණය 2024

මිනිසුන්ගේ බුද්ධියට ගරු කරන්න… වෙනස් වූ මිනිස්සු සම්ප්‍රදායික දේශපාලනයට තැපැල් ඡන්දයෙන් කී කතාව!

by editor
සැප්තැම්බර් 22, 2024
in ජනාධිපතිවරණය 2024, පුවත්
election-postal-voting-applications-L
Share on FacebookShare on Twitter

මැතිවරණ ඉතිහාසයේ පරිවර්තනීය වෙනසක් සිදුකරන බවට මුලින්ම ප්‍රකාශ වන්නේ තැපැල් ඡන්දයෙනි. රාජ්‍ය සේවයේ හැසිරීම බොහෝ විට පොදු ජනමතයේ සටහනක් නිරූපණය කළේය.

මේ මැතිවරණයේ දි ඒ ගැඹුර කැපී පෙනුනේය. එමෙන්ම ජනතාව වෙනස් වී අති ප්‍රමාණය පිළිබඳව තේරුම් ගැනීමටත් පැරණි දේශපාලනය මොනතරම් දුරට අවලංගු ද යන්න දැනගැනීමටත් පැරණි දේශපාලකයින්ට මේ ඡන්දය කියා දී තිබිණි.

රාජ්‍ය සේවකයින්ට අහස උසට වරදාන වරප්‍රසාද දෙන බවට රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ තැපැල් ඡන්දයට දින දෙකක් තිබිය දී ය. ඔහුගේ කැබිනට් මණ්ඩලය රාජ්‍ය සේවකයින්ට ලබා නොදෙන බවට පොරොන්දු වූයේ මොනවාදැයි අපි කල්පනා කළෙමු.

ජීවත් වීමේ අරගලය වෙනුවෙන් දරාගත නොහැකි පීඩනය පුපුරා යද්දී එලියට බැස්ස ගුරුවරුන්ට එල්ල කළ කඳුළු ගෑස් ජල ප්‍රහාරත්, රාජ්‍ය සේවකයින්ට එළව එළවා පහර දුන් රාජ්‍ය යාන්ත්‍රණයේ බැටන් පාරත් සඳහා කතිර පාරෙන් උත්තර ලැබී තිබේ.

මාතර, කොළඹ,  මාතලේ,  හම්බන්තොට, වන්නිය, මොණරාගල, පොලොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගැන අපි කතා කළෙමු. වන්නිය හැර අනෙක් හැම තැනම අනුරගේ ය. මේ එතැන් සිට දිගහැරුණු කතාවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නුවරඑළිය

කවදාවත් අනුර කුමාර දිසානායක වැනි දේශපාලකයෙකු උඩට එනු ඇතැයි නොසිතූ දිස්ත්‍රික්කයකි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 8,946 ක් ලැබුවේය.

  • රනිල් වික්‍රමසිංහ – 5087
    සජිත් ප්‍රේමදාස – 4334
    නාමල් රාජපක්ෂ – 308ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 19,727
    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 19,511
    වලංගු ඡන්ද සංඛ්‍යාව – 18,975
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 536

මඩකලපුව

නැගෙනහිර දී බහුතර දෙමළ ජනතාවගේ වැඩිමනත් විශ්වාසය දිනා සිටියේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳවය. මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම උපනායකයා බෙදී වෙන වෙනම තරග කරනවිට රාජ්‍ය සේවයේ ඡන්ද වැඩිමනත් ප්‍රමාණයක් බෙදී ගියේ ඔවුන් දෙපළ අතරය.

මඩකලපු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහ ඡන්ද 5967 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. අනුර තුන්වැනි තැනය.

  • සජිත් ප්‍රේමදාස – 3205
    කුමාර දිසානායක – 2479
    පී අරියනේත්‍රන් – 901

අනුරාධපුර

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ස්වකීය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ අනුරාධපුර සල්ගාදු පිටියෙනි. නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ප්‍රචාරණ වැඩ පිළිවෙල කඩ පනහින් ආරම්භ කළේය. අනුරලා කළේ මේ මිනිස්සුන්ට පිළිගත හැකි තාර්කික ආමන්ත්‍රණයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය. අනුර කුමාර දිසානායක ඡන්ද 32,750ක් ලබා ගන්නේ දෙවැනි තැන ගත් සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද විසි දහසකට ආසන්න ප්‍රමාණයක් ඉදිරියෙන් සිටිමිනි. .

  • සජිත් ප්‍රේමදාස – 10,956
    රනිල් වික්‍රමසිංහ – 8218
    නාමල් රාජපක්ෂ – 783

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 55,191
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 54,484
වලංගු ඡන්ද සංඛ්‍යාව – 53,484
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,000

කෑගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් අනුර කුමාර දිසානායක ඔසවා තැබුවේය. ඔහු දෙවැනි තැන ගත් රනිල් වික්‍රමසිංහට වඩා ආසන්න වශයෙන් තුන් ගුණයක ඡන්ද ප්‍රමාණයක් ලැබුවේය. අනුර ලැබූ  ඡන්ද ප්‍රමාණය 20,062කි

  • රනිල් වික්‍රමසිංහ – 7229
    සජිත් ප්‍රේමදාස – 5604
    නාමල් රාජපක්ෂ – 482ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 35,103
    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 34,798
    වලංගු ඡන්ද සංඛ්‍යාව – 33,904
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 894

දිගාමඩුල්ල

දිගාමඩුල්ලත් අනුරටය. දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 11,120ක් ලබා ඉදිරියෙන් තැබීමට රාජ්‍ය සේවකයෝ කටයුතු කළහ..

  • සජිත් ප්‍රේමදාස – 7368
    රනිල් වික්‍රමසිංහ – 6719
    නාමල් රාජපක්ෂ – 318

පුත්තලම

පුත්තලම බහුතර මුස්ලිම්වරුන් සහිත දිස්ත්‍රික්කයකි. එහි රාජ්‍ය සේවයේ නියෝජනයත් ඊට අනුපාතික ය. බදියුදීන්ලා පිස්සු කෙළපු කෙළිබිම්ය. දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වූයේය. පුත්තලමත් අනුරට ය. ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 8,614කි. බදියුදීන් ගෙන් ගොඩයන්නට හිටිය සජිත්ට වඩා ආසන්න තුන් ගුණයක් අනුර ලබාගෙනය.

සජිත් ප්‍රේමදාස – 3044
රනිල් වික්‍රමසිංහ – 2335
නාමල් රාජපක්ෂ – 219

ගම්පහ

ඒ ගැන කතා කරන්නට දෙයක් නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත්තේ කිසිවෙක් නොසිතන ආකාරයේ ගැම්මක් සහිතවය. අනුර කුමාර දිසානායක ඡන්ද 33,226 ක් ගත්තේ දෙවැනි තැන පසුවන රනිල් වික්‍රමසිංහට වඩා තුන් ගුණයකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමිනි. .

  • රනිල් වික්‍රමසිංහ – 9116
    සජිත් ප්‍රේමදාස – 6383
    නාමල් රාජපක්ෂ – 943

යාපනය –

යාපනයේ මිනිස්සු ජනාධිපතිවරණයක් වැනි අවස්ථාවක දී මෑත කාලයේ වැඩිම විශ්වාසය තැබුවේ රනිල් වික්‍රමසිංහ වෙතය. ඒ විශ්වාසයේ ස්වරූපය යාපනයේ රාජ්‍ය සේවකයෝ පෙන්වා තිබුණහ. දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහ ඡන්ද 9,277 ක් ලබා ඉදිරියෙනි. සජිත් දෙකය.

  • සජිත් ප්‍රේමදාස – 7640
    පී අරියනේත්‍රන් – 4207
    අනුර කුමාර දිසානායක -2250

කුරුණෑගල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී වන්නේ මෙතෙක් රට කළ සියලුම දේශපාලන පක්ෂ සලිත කරමිනි. අනුර කුමාර දිසානායක ඡන්ද 47,126 ක් ලබා ජයග්‍රහණය කර කරන්නේ දෙවැනි වන සජිත්ට වඩා දල වශයෙන් තුන් ගුණයකටත් වඩා වැඩි විශාල ඡන්ද ප්‍රමාණයකිනි..

  • සජිත් ප්‍රේමදාස – 13,081
    රනිල් වික්‍රමසිංහ – 11,998
    නාමල් රාජපක්ෂ – 1,384

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 76,977
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 76,360
වලංගු ඡන්ද සංඛ්‍යාව – 74,583
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,777

බදුල්ල

නිමල් සිරිපාලත් එතනය. වඩේ චාමරත් එතනැය. හරීන් රට පෙරලීම ආරම්භ කළ බව කියන තැනත් එතැනය. එහෙත් බදුල්ලේ දී රනිල් වික්‍රමසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාසත් පලු යන්නම පරාදය. බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 23,629 ක් ලබා ඉදිරියෙනි.

  • රනිල් වික්‍රමසිංහ – 7,967
    සජිත් ප්‍රේමදාස – 7,757
    නාමල් රාජපක්ෂ – 598ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 42,061
    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 41,271
    වලංගු ඡන්ද සංඛ්‍යාව – 40,488
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 783

මිනිස්සුන්ගේ බුද්ධියට මීට වඩා ගරු කළ යුතු බව සම්ප්‍රදායික දේශපාලනයට තැපැල් ඡන්දය කියා දී තිබුණේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තැපැල් ඡන්දය – මාතර පෙරළියක් කර අනුර එකට…

Next Post

මාතර දිස්ත්‍රික්කය – මාතර මැතිවරණ බල ප්‍රදේශය… රනිල් සජිත් හෝදාගෙන අනුර මුදුනට…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.