රනිල් පුතා හොඳ ළමයා!

colum

රනිල් ජනාධිපති වූ දින රාත්‍රිය ඔහු ගෙවූ අන්දම කිසිවකු හරි හැටි නොදනී. ජනාධිපති රනිල්ගේ පුද්ගලික නිවස ජුලි නවවැනි දා කවුරැන් හෝ ගිනි තබා විනාශ කළ වග ඔබට තවම අමතක නැතිව ඇති. ඒ ගිනිගත් සොදුරු අතීතයෙන් එක්කාසු කොට ගත් සිහිවටන පෙට්ටියක් තවමත් ඔහු සතුව ඇත.

ජනාධිපති රනිල් පෙට්ටිය හාරාවුස්සා රාමු කරන ලද පිංතූර දෙකක් පිටතට ගත්තේය. රැගෙන මේසයක් උඩ තබා වැන්දේය.

“තාත්තෙ මම අන්තිමට කොහොම හරි ජනාධිපති වුණා තාත්තේ. හය පාරක් අගමැති වෙලා. තිස් පාරක් ඡන්දෙ පැරදිලා. යූ.ඇන්.පිය නැතිභංගස්ථාන වෙලා. ඒත් මම කොහොම හරි ජනාධිපති වුණා තාත්තේ” රනිල් ඉකි අතරින් කීවේය.


“රනිල් පුතා හොඳ ළමයා!”

ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ පිළිතුරැ දුන්නේය.

“මාමෙ, මම මාමගේ බලාපොරොත්තු සුන් කළේ නෑ නේද මාමේ?”

දකුණුපස ඡායාරෑපයේ සිටි සිය මාමා වූ ජේ.ආර්. ජයවර්ධනගෙන් රනිල් කුඩා දරැවකුසේ සහනදායී පිළිතුරක් බලාපොරොත්තු වූයේය.

“බොහෝම හොදයි. බොහෝම හොදයි. ඔය පුටුව දිගටෝම අල්ලගෙන ඉන්න පුළුවන් වුනොත් බොහෝම හොදයි” ජේ.ආර්. කීවේය.

“තාත්තට මතකද මම පහේ පන්තියේ ඉදිද්දි පන්තියේ අන්තිමයා වුණු වෙලේ තාත්තා දීපු උපදේසෙ?” රනිල් පියාගෙන් ඇසුවේය.

“ඔව් මට හොදට මතකයි. මම කිව්වා උඹ හොදයි රටේ නායකයා වෙන්න කියලා” පියා කීවේය.

ජේ.ආර්. මුවගින් විසුළු හිනාවක් පෑය.

“දිනේෂ් ගුණවර්ධනයි අනුර බණ්ඩාරනායකයි දෙන්නම රෝයල් කොලීජියේ උඹේ පන්තියේ හොදම යාළුවො වෙච්චි. පන්තියෙ අන්තිමයා වෙන්න බොලා තුන්දෙනා අතර මාරාන්තික සටනක් නොවැ තිබුණේ! බොට මතකෙයි මම එවෙලේ දුන්නු උපදේසෙ?” ජේ.ආර්. රනිල්ගෙන් ඇසුවේය.

“මතකයි මාමේ මතකයි. ඒ උපදේසේ තමයි මම මුළු ජීවිත කාළෙම විශ්වාස කරලා වැඩ කළේ. ස්තූතියි මාමේ” රනිල් නැවත වරක් වැන්දේය.

“මොකක්ද ඒ උපදේසේ?” පියා ඇසුවේය.

එතෙක් හඬමින් සිටි රනිල් ද පිංතූරයේ උන් ජේ.ආර්.ද එක් වර කොක් හඬලා සිනාසීමට ගත්හ. දකුණත් ඉහළට ඔසවා පහක් දැමූහ.

“මම කොල්ලට කිව්වා, ‘පුතා ඉගෙන ගනිං ගහන්න ගේම්. හොදම යාළුවටවත් නොරේරෙන්න ගහපං ගේම්. ගේම් නම් ගේම්. ජීවිතේම ගේම්. ගේම් කියන වචනේ සිංහල තේරුම රනිල්’ වෙනකම් ගහපං ගේම්’ කියලා”

මාමා සහ බෑණා නැවත කොක් හඬලා සිනාසුනහ. එස්මන්ඩ් එරෙව්වේය.

“ඒ වැඩේ නම් හරියට හරි මාමේ. දැන් ලංකාවේ ඕන එකෙක් දන්නවා රනිල් සමානයි ගේම් කියලා” රනිල් ආඩම්බරයෙන් කීවේය.

“එතකොට ඔය ගේම් ගහන්න ගිහිං යූ.ඇන්.පි.ය ගේමෙන් එළියට විසිවුණු එකට ඔහේ මක්කැයි කියන්නේ?” එස්මන්ඩ් අමනාපයෙන් ජේ.ආර්.ගෙන් විමසා සිටියේය.

“මක්කා කියන්නද නේද කොල්ලෝ? තාම ගේම් ඉවර නෑනේ!” මාමා බෑණාට ඇසක් ඉඟි මැරැවේය.

“තාත්තේ! මාමේ! මම ඔයාලට ආඩම්බරයක් වෙන්න නම් තව මොනවද කරන්න ඕන?” රනිල් දිරියෙන් විමසුවේය.

“මේ අවුරැදු දෙකහමාරයි තව දහයකුයි කොහොම හරි අල්ලං ඉන්න බලහං කොල්ලෝ. මහඡන්ද ජනාධිපතිවරණ බොට දිනන්න බැරි නම් ජනමත විචාරණ හරි තියලා දිනපං. අර නැක්ලහිට්ස්කාරයෝ, උඹේ වචනෙන්නම් පැසිස්ට්කාරයෝ ටිකගේ පක්ෂ තහනම් කරලා දාපං. ඒත් බැරිනං රොහාන් විජේවීර යවපු ලෝකෙටම යවපං. මතකෙයි ඒ කාලේ අපි යාපනේ පුස්තකාලෙට ගිනි  තියපු අපූරැව? ඉතිං උඹේ අර මහ ලොකු පුස්තකාලෙට හරියන්න රටේ තියෙන පුස්තකාල ඔක්කොමත් ගිකි තියලා දාපං. නැත්තං උඹ මගේ බෑණා නෙමෙයි”

ජේ.ආර්. උපදෙස් දී හමාර වුණු විට රනිල් සිය පියා දෙසට හැරැණේය.

“පුතේ මට තියෙනවා උඹෙන් එකම එක ඉල්ලීමක් කරන්න” පියා කීවේය.

“කියන්න තාත්තේ. ඕන දෙයක් කියන්න. මම කරන්නම්. මම දැන් ජනාධිපති” රනිල් ආඩම්බරයෙන් කීවේය.

“මටයි උඹේ අම්මටයි මේ ලෝකෙ සැනසිල්ලෙ ඉන්න ආසයි. සාමදානයෙන් සැතපේවා කියලා සොහොනෙ ගැහුවට උඹ කරන වැඩවලට මිනිස්සු අපිව අමතන ඇමතිල්ලට අපිට නිවනක් නෑ බං. ඒ නිසා 20 වෙනිදට ඔය ජනාධිපති අටමගල වෙන කාටහරි දීලා වෙන අතක් බලාගනිංකො”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රනිල් සිය පියාට දුන් පිළිතුර මෙහි සදහන් කළ නොහැක.

Exit mobile version