IPL  අවසන් මහා තරගය මහ වැස්සට  සේදී යයි ද?

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් IPL අවසන් මහා තරගය තවමත් ආරම්භ වූයේ නැත. මීට ස්වල්ප වෙලාවකට පෙර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයට  නැවතත් වර්ෂාව ඇදවැටෙන්නට පටන් ගත්තේය

අද රාත්‍රී 9.35ට පෙර තරගය ආරම්භ කළ හැකි වන්නේ නම්      පූර්ණ තරගයක් පැවැත්වීමේ අවකාශය ඇත. තරගය රාත්‍රී 9.45ට ආරම්භ වන්නේ නම් එක් කණ්ඩායමක් ලබන ඕවර ගණන 19ක් වනු ඇත.

තරගය ආරම්භ වන්නේ  ආරම්භ වන්නේ රාත්‍රී 10ට නම් එක් කණ්ඩායමකට ඕවර 17කි.   රාත්‍රී 10.15  හෝ 10.30ට නම් එක් කණ්ඩායමකට ඕවර 15 බැගින් ක්‍රීඩා කිරීමට ලැබෙනු ඇත.

16වන IPL තරගාවලියේ අවසන්  මහා තරගය මේ වනතුරු ප්‍රෙක්ෂක බලාපොරොත්තු සුන් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිරී ඉතිරුන ප්‍රේක්ෂක පිරිස…

Exit mobile version