හෙට ඇරඹෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ…

සංචාරක ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය    අද (24) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවේය.

ඒ අනුව හෙට (25) දිනයේ   පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දෙරට අතර එක්දින තරගාවලිය ඇරඹෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ  නායක දසුන් ශානක විසින් මෙහෙයවනු ඇත.

පිළිවෙලින් පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිතිකරුවන් ලෙස නම් කර ඇත.

වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙසින් ද  කසුන් රාජිත, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ළහිරු කුමාර පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වී සිටිති. යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාල ගේ  ද සංචිතයට කැඳවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කණ්ඩායමට භානුක රාජපක්ෂ එක් කර තිබුණ ද, ඔහු තමාව මෙම තරගාවලියෙන් ඉවත් කරන ලෙසට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්  සිදුකර ඇතැයි වාර්තා වේ.

Exit mobile version