සචින් වගේ නෙමෙයිලු කෝලි

වසිම් අක්‍රම්ගේ අලුත්ම කතාව...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Imran
වසීම් අක්‍රම් යනු ලොව බිහිවු සුපිරිතම වේග පන්දු යවන්නෙකි. ඔහු විටෙක පුහුණුකරුවෙකි. විටෙක උපදේශකයකි. නැතහොත් විස්තර විචාරකයෙකි. පසුගියදා පැවැති යු ටියුබ් වැඩසටහනකදි වසීම් අක්‍රම් විසින් විරාට් කෝලිව සහ සචින් ටෙන්ඩුල්කාර්ව සංසදනය කරමින් අපුරු කතාවක් කීවේය.
“විරාට් නූතනයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙක්. සචින් ටෙන්ඩුල්කාර් සමග ඔහුව සඳන විට වෙනස් ක්‍රීඩයන්. විරාට් ඉතාමත් අක්‍රමණශීලී පුද්ගලයකු වශයෙන් තමයි පිතකරණයේ යෙදෙන්නෙ. ඒක ඔහුගේ ධනාත්මක ලක්ෂණයක්. ඒ වගේම සචින් ටෙන්ඩුල්කාර් සන්සුන් වගේම අක්‍රමණශීලී පිතිකරුවෙක් වුණා. නමුත් දෙන්නව සමාන කරන්න බැහැ” යැයි අක්‍රම් පවසයි.
සචින් ටෙන්ඩුකාර් ලොව ටෙස්ට් සහ එක්දින දෙඅංශයෙන්ම වැඩිම මුළු ලකුණු සහ ශතක ලැබු පිතිකරුවා බවට පත්ව තිබේ. නමුත් ඉන්දියානු කණ්ඩායමේ වත්මන් නායක විරාට් කෝලි සචින්ගේ ඒ සියලු වාර්තා අභිබවා යනු ඇතැයි බොහෝ දෙනො පවසති.
“සචින් දැනගෙන හිටියා ඔහුව මම තල්ලු කරන්න උත්සහ කළොත් තවත් අධිෂ්ඨානව ක්‍රීඩා කරනවා කියලා. මම ටෙන්ඩුල්කාර්ව කෝප ගැන්වුවහොත් ඒක වැරදියි. නමුත් කෝලිගේ කෝපය ඊට වඩා වෙනස්. පිතිකරුවෙකුට තරහ ගිය විට ඔහු පහර දෙනවා. එවිට ඔහුව දවා ගන්න උපරිම අවස්ථාවක් තියෙනවා.”
සචින් ටෙන්ඩුල්කාර් සතුව බොහෝ වාර්තා ඇති බවත් ඒ සියල්ල විරාට් කෝලිට බිඳ දැමිය හැකිද යන්න තමාට සැක සහිත බවත් පවසන වසීම් අක්‍රම් කෙසේ හෝ ටෙන්ඩුල්කාර් සතුව ඇති වාර්තා කිහිපයක් විරාට් කෝලි විසින් බිඳ දමනු ඇතැයි සඳහන් කරයි.

Exit mobile version