සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට ස්වල්ප වෙලාවකට පෙර නීතිඥයෙක් සමග ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටි සචිත්‍ර සේනානයකගෙන් මේ වනවි ප්‍රශ්න කිරීම අරඹා ඇතැයි වාර්තා වේ.
අවස්ථා තුනක දී විමර්ශන ඒකක වෙත පෙනී සිටීම මග හරිනු ලැබූ සචිත්‍ර සේනානායක ඊයේ අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටියේය. එම ඇපය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලදී.
ඒ අනුව අද ඔහු නීතිඥයෙක් සමග විමර්ශන ඒකකයට පැමිණියේය. එල්.පී.එල්. තරගාවලියේ දී මුදලට තරග පවාදීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් පෙළඹවීමේ චෝදනා ඔහු වෙත ගොනුකර තිබිණි.

Exit mobile version