ශෙහාන් මධුසංකගේ ක්‍රිකට් අත්හිටුවයි

සදෙව් රත්නායක –

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට හසුවී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංඛගේ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.  හෙරොයින් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 700ක්  සමග පසුගිය ඉරිදා අත්අඩංගුවට පත්වූ ශෙහාන් මධුසංඛ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කිරීමෙන් පසුව ක්‍රිකට් ආයතනය මේ තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ක්‍රීඩා ගිවිසුමට බැඳී සිටින ශෙහාන් මධුසංඛගේ නීතිවිරෝධි ක්‍රියාකලාපය  සම්බන්ධව ක්‍රිකට් ආයතනය විසින් ද පූර්ණ පරික්ෂණයක් සිදු කිරීමට නියමිත අතර  එතෙක් ගිවිසුම අත්හිටුවීමේ තීරණය ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. 

2018 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් ලැබු ෂෙහාන් එහිදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දුවාර 6.1 ක් යවමින් ලකුණු 26 කට කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. අනතුරුව විස්සයි විස්ස තරග දෙකකටද ඔහු ජාතික කන්ඩායම නියෝජනය කළේය. ඉන් පසුව ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොලැබුණි. ෂෙහාන් මධුෂංක අවසන් වරට ක්‍රීඩා සමාජ තරගයකට සහභාගි වී ඇත්තේ ඉකුත් ජනවාරි මසදීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෂෙහාන් මධුෂංක ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට පෙර කිලිනොච්චි දිස්ත්‍රික් කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කර ඇත.

 

 

Exit mobile version