ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි 20 තරගාවලියේ දී  සැලසුම් සහගතව අඩු දක්ෂතා පෙන්වලා… වනිඳුට ධනංජයට චෝදනා…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි 20 තරගාවලියේ දී  සැලසුම් සහගතව සිය උපරිම දක්ෂතා නොපෙන්වමින්   ශ්‍රී ලංකා කණඩායම අස්ථාවර කිරීමේ කිරීම පිළිබඳ ධනංජය ද සිල්වාට සහ වනිඳු හසරංගට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

අද උදෑසන මෙම සිදුවීම The Morning Sports ට්විටර් පණිවිඩයක් මගින් වාර්තා කළේය.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය ඊයේ ( 14) අවසන්  අවවාදය ලබා දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.


මෙම තත්වය පිළිබඳව ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ ඉහළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි The Morning Sports වාර්තා කරයි.

මේ පිළිබඳව ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙක් ලංකාසරට පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ හැසිරීම සියලුම අපේක්ෂා සුන් කර දැමූ බවය.

“ අප්‍රිකාව එක්ක කරපු විස්සයි 20 සීරියස් එක ගැන කතා කරන්න එපා.  Underperforming කියන්නෙම තරග පාවා දීමක්.  මේ මිනිස්සු සෙල්ලම් කරන්නෙ රටක් වෙනුවෙන්. යුද්ධයක දි එක ඔත්තු කරුවෙක් ඇති ඒ පාර්ශවය විනාශ වෙන්න…  අපේ එකොලොස් දෙනාගෙන්  දෙන්නෙක් සෙල්ලම් කරලා තියෙන්නෙ දකුණු අප්‍රිකාවට බව දැන් සැක කරනවා. මේ තත්වය නැවැත්විය යුතුයි. ක්‍රීඩා ඇමතිවරයා සිහියෙන් නම් ඉන්නෙ ඔහුගෙ අවධානය මේ වගේ අශිෂ්ට හැසිරීම් සම්බන්ධව යොමු විය යුතුයි. පුද්ගල දක්ෂතා මොනතරම් ඉහළින් තිබුණත් වැඩක් නැ… ගොඩක් වටින්නෙ රට වෙනුවෙන් හදවතින් මතුවෙන ආකල්ප.“

ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර  දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මුදල් වියදම් කරමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව  මීට දින තුනකට පෙර අරුණ පුවත්පත වාර්තා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වනිඳු හසරංග අද අයි.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා රටින් පිටත්ව ගියේය.

Exit mobile version