ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් විසි වුනත් ක්‍රිකට් ආයතනයේ වියදමින් මැච් බලන්න රොත්තක් ඩුබායිවල…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායිහි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉවතට ගියත් එහි තරග නැරඹීම සඳහා ක්‍රිකට් විධායක සභාවේ දහ හතරක් ඇතුළු රොත්තක් ක්‍රිකට් ආයතනයේ වියදමින් ඩුබායි බලා ගොස් ඇතැයි ලංකාසර ට වාර්තා වේ.

මෙම මුළු පිරිස තිහකට අධික බවත් ඒ අතර ඇතැමුන්ගේ භාර්යාවන්ද සිටින බවත් කියවේ.

මේ අතර වත්මන් බලධාරීන් බලයට ගෙන ඒමට දිගින් දිගටම චන්දය ලබා දුන් ක්‍රීඩා සමාජ නිලධාරින්ද වෙනත් හිතවතුන්ද සිටිති.


මේ සියලු දෙනාටම ඩුබායි වෙත යාමට ගුවන් ප්‍රවේශ පත්‍ර තරග නැරඹීමට ප්‍රවේශ පත්‍ර හා හෝටල් ගාස්තුද විධායක සභාවේ සියලු දෙනාට අමතර ඩොලර් දීමනාවක්ද ලබා දී ඇත.

මෙම දීමනාව ඔවුන්ගේ තනතුරු අනුව දිනකට ඩොලර් තුන්සිය පනහේ සිට දෙසිය පනහක් වේ.

ඇතැම් නිලධාරින් වරින් වර එහි යද්දී එක් නිලධාරියෙක් සති ගණනක් මුළුල්ලේ එහි රැඳී සිටින බවත් වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයෙන් මෙසේ අනුග්‍රහය ලබන පිරිස අතර   ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකුද සිටින බව ඩයලොග් අනුග්‍රහයෙන් එහි ගොස් සිටින වෙනත් මාධ්‍යවේදියෙක් අප සමග පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඩුබායි සවාරිය හුදෙක් තරග නැරඹීමට වඩා සාප්පු සවාරියේ යෙදෙන්නට ඔවුන්ට ලබා දෙන සන්තෝසමක් බවත් මේ වෙනුවෙන් ක්‍රිකට් ආයතනය කෝටි දෙකකට වැඩි මුදලක් වියදම් කරන බවත් පැවසේ.

Exit mobile version