ශ්‍රී ලංකාව බංගලිදේශය පරදවයි

ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ  සුපිරි වටයේ  ශ්‍රි ලංකාව මුහුණ දුන් මුල්ම තරගය වූ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 171ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් අතැතිව පන්දුවාර 18 පන්දු 5කදී ලකුණු 172ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨතම ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක නොදැවී ලකුණු අසූවක් ලබාගත් අතර අද දින සිය උපන් දිනය සැමරූ භානුක රාජපක්ෂ ලකුණු 53ක් ලබා ගත්තේය.


පැතුම් නිශ්ශංක ලකුණු 24යි . වනිදු හසරංග ලකුණු 6යි. දසුන් ශානක සහ කුසල් පෙරේරා ලකුණු එකයි.

බංග්ලාදේශ පිලේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශකීබ් අල් හසන් පන්දුවාර 3කදී කඩුලු දෙකක් ලකුණු 17කට දවා ගත් අතර නෂූම් අහමඩ් පන්දුවාර 2යි පන්දු 5කදී ලකුණු 29 ක ට කඩුලු දෙකක් ලබා ගත්තේය.

මොහොමඩ් සයිෆුඩීන් කඩුලු එකයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 171 අතර කැපී පෙනෙන්නේ මොහොමඩ්‌ නයිම් ලබාගත් ලකුණු 62 සහ මුෆ්තිකාර් රහමන් ලබාගත් ලකුණු 57යි.

ඊට අමතරව ලින්ටන් ඩාස් ලකුණු 16ක් ද ශකීබ් අල් හසන් සහ මහමදුල්ලා ලකුණු 10ක් බැගින් ද අසීෆ් ෆොසෙල් ලකුණු 7ක් ද ලබාගත්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම පිළිබඳ සැලකීමේදී චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කඩුලු එක බැගින් ලබා ගත්හ.

Exit mobile version