ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.   තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 354ක් රැස් කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම් විසින් ලබා දුන් අවස්ථාවන් ද සමගිනි. පළමු ඉනිමේ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට   රැස් කර ගත හැකි වුයේ ලකුණු 258ක් පමණි.

දෙවන ඉනිමේ දී සාර්ථක පිති ප්‍රහාරයක් දියත් කරමින් කඩුලු 04කට ලකුණු 280ක් රැස් කර සිටි කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටුවීමට කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට තරගය ජය ගැනීම සඳහා   ලකුණු 377ක ඉලක්කයක් හිමි විය. දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු දෙකක් දැවී ලකුණු 193ක් රැස් කරගෙන සිටියේය. ශ්‍රී  ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 75ක් සහ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 66ක් රැස් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොදෙව් සංචාරයේ පළමුවෙන් පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය දෙකට බිංදුවක් ලෙස කොදෙව් කණ්ඩායම ජය ගත්තේය. පසුව පැවති එක්දින තරගාවලියද තුනට බිංදුවක් ලෙස ඔවුහු ජයග්‍රහණය වාර්තා කළහ.      ටෙස්ට් තරගාවලියේ පලමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  දෙවන ටෙස්ට් තරගයද ඊයේ රාත්‍රීයේ ජය පරාජයෙන් තොරව නිමා විය.  කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය නිමා වුයේ ජය පරාජයෙන් තොරවයි.


Exit mobile version