විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඩොලර් බෙදෙන හැටි!

මෙවර විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් පිරිනමන බව අසි.සී.සී. ය ප්‍රකාශයට පත් කර තිබේ.

අනුශූරයන්ට ඩොලර් ලක්ෂ 08ක මුදලක් හා  අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්ෂ 04ක බැගින් වූ මුදලක් ද පිරිනැමීමට සැලසුම් කර ඇත.

සමස්ථයක් වශයෙන් ලෝක කුසලානය සඳහා එක් වී සිටින කණ්ඩායම් 16 තුළම බෙදී යන ආකාරයට ඩොලර් මිලියන 5.6ක මුදලක් වෙන් වී තිබේ.


2016 තරගාවලියේ දී මෙන් මෙවරත් සුපිරි කණ්ඩායම් 12 අදියරේ දී සෑම ජයග්‍රහණයක් වෙනුවෙන්ම බෝනස් මුදලක්  ප්‍රදානය කිරීමට අයි.සී.සී ය කටයුතු කර ඇත.

සුපිරි අදියරේ දී පවතින තරග 30 තුළ සෑම ජයග්‍රහණයක් වෙනුවෙන්ම  ජයග්‍රාහී  කණ්ඩායමට ඩොලර් හතලිස් දහසක් ගෙවනු ලැබේ. මෙම බෝනස් මුදල සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1.2කි.

සුපිරි කණ්ඩායම් 12 අදියරෙන් ඉවත්වන කණඩායම් සඳහා  ඩොලර් 70, 000 බැගින් පරිනමනු ලබයි. ඒ සඳහා වෙන් කර ඇති මුදලේ මුලු වටිනාකම ඩොල්ර් පන්ලක්ෂ හැට දහසකි.

පළමු වටයේ තරග –

සුපිරි කණ්ඩායම් 12 තුළට පිවිසීම සඳහා කණ්ඩායම් 4ක් තෝරන පළමු වටයේ තරග වලදී ද සෑම ජයග්‍රාහී කණ්ඩායමක් වෙතම ඩොලර් හතලිස් දහසක් පිරි නැමෙනු ඇත.  පළමු වටයේ තරග 12 තුළ දී ජයග්‍රාහී කණ්ඩායම් වෙත නැවතත් පිරිනැමෙන මුදල ඩොලර් හාරලක්ෂ අසූ දහසකි.

පළමු වටයෙන් ඉවත්වන කණ්ඩායම් හතරට  ඩොලර් එක්ලක්ෂ හැට දහසක් වෙන් වී ඇති   අතර සෑම කණ්ඩායමකටම  ඩොලර් හතලිස් දහස බැගින් ලැබේ.

පළමු වටයට සහභාගී වන කණ්ඩායම් අට වන්නේ බංගලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව්ගිනියා, ස්කොට්ල්න්තය සහ ශ්‍රී ලංකාවය. මෙම වටයේ තරගවලින් තෝරාගන්නා කණ්ඩායම් හතරක් සුපිරි  කණ්ඩායම් 12 වෙත ඇතුළත් වේ.

දැනටමත් ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රෙලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායම් 8   සුපිරි කණ්ඩායම් 12 තුළ ස්වකීය ස්ථාවරය තහවුරු කරගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම සෑම තරගයක දී සෑම ඉනිමක්ම මැද විනාඩි 2යි තත්පර 30 කෙටි විවේකයක්   ද සී.අයි.සී ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

Exit mobile version