රත්තන් පුතා ගෙනාපු රත්තරන් දවස….

කීර්ති ප්‍රනාන්දු –

අද රත්තරන් දවසක්.

පැරාලිම්පික් ඉතිහාසය ලංකාව අලුතින් ලියපු දවසක්.  පැරාලිම්පික් ඉතිහාසයේ පළමු වරට  අද ( 30) අපි තරත්තරන් පදක්කමක් දිනා ගත්තා. ඒ ලෝක වාර්තාවක් එක්ක. ඒ රත්තරන් පුතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ දිනේෂ් ප්‍රියන්ත.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා වුනෙත් දිනේෂ්. ඔහු ලෝක වාර්තාවක් තබමින් සිය රන් පදක්කමට ලඟා වන්නේ සිය පුද්ගලික දක්ෂතාවයත් විශ්වාස කර නොහැකි ලෙස අභිබවා යමින්.  ඔහු ලෝක වාර්තාව තබන්නේ මීටර  67.79ක් දුර හෙල්ල විසි කරමින්. මීට පෙර මේ වාර්තාව තබා තිබුණෙ ඉන්දීය ක්‍රීඩකයෙක්.  ඔහු දේවේන්ද්‍ර ජාජ්හරියා . ඒ දුර මීටර 63.79ක්. ඔහුගේ ලෝක වාර්තාව සුන් වුනේ මීටර් 05ක දුරකින් වීම විශේෂයක්.


ලෝක වාර්තාව හිමි  දේවේන්ද්‍රත් මේ තරගයට එක් වුණා.  ඔහුත් ඔහුගේ වාර්තාව අලුත් කළා. ඒ මීටර 64.35ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින්. ලෝක ශූර දේවේන්ද්‍ර රිදී පදක්කමකින් නැවත්තලා දිනේෂ් ඉතිහාසගත වුණා.

දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයෙක්.  ටිකින් ටික ක්‍රමාණුකූලව  ඉලක්ක සාධනය කළ ක්‍රීඩකයෙක්. වර්ෂ 2016 දි හා 2017 දි  ඔහු පැරාලිම්පික් තරගාවලියේ රිදී මේ ඉසවුවෙන් ලෝකඩ පදක්කම ලැබුවා.  එසේම ඉන්දුනීසියාවෙ  ජකර්තාවල පැවති ආසියානු පැරාලිම්පික්  තරගාවලියේ දී සිය ඉසවුවෙන්  රන් පදක්කමක් දිනා ගත්තා.  වර්ෂ 2019 දි  පැවති ලෝක පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ විශිෂ්ට ගමනේ කූටප්‍රාප්තිය ඔහු අද සනිටුහන් කළා.

 

Exit mobile version