යුරෝපීය ලැම්බෝගිනි ‘සුපර් ට්‍රොෆියෝ’ තරගයට මාලගමුව ජර්මන් යයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැප්තැම්බර් මස 4 සහ 5 දිනවල දී ජර්මනියේ පැවැත්වෙන යුරෝපීය ලැම්බෝගිනි ‘සුපර් ට්‍රොෆියෝ’ මෝටර් රථ තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ බිහිවු විශිෂ්ටතම මෝටර් රථ ධාවන ශූරයා වශයෙන් හැඳින්වෙන ඩිලන්ත මාලගමුව හෙට (29 දා) ජර්මනිය බලා පිටත් වීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගී වීම සම්බන්දව අදහස් දැක්වූ ඩිලන්ත මාගලමුව කීවේ තමන්ගේ ක්‍රීඩා ජීවිතයට වසර හතලියක් ගත වී ඇති බවත්, ඉන් වසර 36ක්ම රට වෙනුවෙන් ජාත්‍යාන්තර ක්‍රීඩා ඉවසවු නියෝජනය කළේ රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව බවත්ය.
“මම පසුගිය අවුරුදු 18 දීම සංචාරක අමාත්‍යාංශයෙන් අනුග්‍රහකත්වයක් ඉල්ලා සිටියා. ඒත් සාර්ථක වුණේ නැහැ දැන් මට පළමු වරට මේ තරගාවලියට යන්න රාජ්‍ය අනුග්‍රහයක් ලැබී තිබෙනවා. ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මැදිහත්වීම නිසා.” මාලගමුව කීවේය.

Exit mobile version