මොළයේ ශල්‍යකර්මය සාර්ථකයි… මැරඩෝනා රෝහලෙන් පිටව ගෙදර යයි…

වර්ෂ 1986 දී ආර්ජන්ටිනාවට ලෝක ශූරතාව දිනා දුන් ලොව ජනප්‍රියතම සහ විශිෂ්ඨතම පාපන්දු ශූරයකු වු ඩියාගෝ මැරඩෝනා මොළයේ සිදුකළ ශල්‍යකර්මයකින් පසු බුවනෝස් අයර්ස් රෝහලින් පිටව  ගියේය. ඒ අවස්ථාව දැක බලා ගැනීමට   විශාල මාධ්‍යවේදීන් සහ ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ සිටියහ.

අදාළ සැත්කමෙන් පසුව තවත් සති කිහිපයක් සිය නිවසේ සිට මැරඩෝනාට ප්‍රතිකාර ලබාගත යුතුව තිබේ. මේ වන විට 60 වැනි වියේ පසුවන මැරඩෝනා සිය දියණියන් දෙදෙනා ජීවත්වන නිවස අසල වෙනත් නිවසක සිටිමින් වැඩිදුර ප්‍රතිකාර ලැබීමට නියමිතය.

මැරඩෝනාට ඉදිරියේදී මත්පැන් පානය කිරීමද නුසුදුසු බව ඔහුගේ පෞද්ගලි වෛද්‍යවරයා වන ලියෝපෝල්ඩෝ ලුක් සඳහන් කරයි. තවමත් මැරඩෝනාගේ හිසේ දකුණු පැත්තේ ඇති වෙළුම් පටිය සමග සිටී. අතර ඔහු සිය වෛද්‍යවරයා සමග ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර සිටියේ සැත්කමෙන් පසුව ගත පළමු ඡායාරූපය වශයෙනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඩියාගෝ ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලය පසුකර ගොස් ඇත. දැන් අවශ්‍ය වන්නේ පවුලේ අය සමග සිටීමයි. ඇත්තටම ඒ සැත්කම ප්‍රාතිහාර්යයක්’ යැයි මරඩෝනාගේ නීතිඥ මාටියාස් මෝර්ලා පවසයි.

Exit mobile version