මිලියන 2139 ක් ඉතුරු කරන්න ක්‍රීඩා භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

මෙරටදී නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ තිබියදී ඉකුත් වසරේදී විදේශවලින් ගෙන්වා ඇති ක්‍රීඩා භාණ්ඩා සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 2319 ක් බව අනාවරණය වේ.

ඒ අනූව ඉදිරියේදී විදේශවලින් ගෙන්වන ක්‍රීඩා භාණ්ඩා 18 ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉකුත් 2019 වසරේදී පමණක් විදෙස් රටවලින් ක්‍රීඩා උපකරණ ගෙන්වීමට ශ්‍රී ලංකා රුපියල් මිලියන 2319 ක් වැය වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.


ඒ අනූව ඉදිරියේදී දේශීයව ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කර සිටියි.

ඒ අනූව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිලධාරීන්ව දැනුවත් කරමින් මෙරටදී නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන තිබේ.

එහිදී දේශීයව ක්‍රීඩා භාණ්ඩ 18 ක් නිෂ්පාදනය කළ හැකි බව අදාළ නිලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ.

ඒ අනූව ඉකුත් වසරේදී මෙරටට ගෙන්වා ඇති ක්‍රීඩා භාණ්ඩවලින් 30%ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව සොයා ගෙන තිබේ.

මෙරට ආර්ථිකයට සහ ක්‍රීඩාවට වැය කළ හැකි මුදල් නාස්ති වන බැවින් තෝරාගත් කාර්මික ශිල්පීන් තෝරාගෙන ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය නුදුරුරේදීම ආරම්භ කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

අදාළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට කැමැති ව්‍යවසායකයින් සඳහා දැනට පැන නැගී ඇති ගැටලු හඳුනාගෙන ඒවා රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙරටදී නිෂ්පාදිත ක්‍රීඩා භාණ්ඩ සඳහා ජාතික හා ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන් අනූව තත්ත්වය සහතික ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සංගම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය වැනි රජයේ ආයතන එක්ව ඇති කිරීමට සැලසුම් කර තිබේ.

දේශීයව නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ පහත පරිදි වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ළමා ක්‍රීඩා පිටි උපකරණ, ළමා ක්‍රීඩා සහ විනෝදාස්වාදය සඳහා වන භාණ්ඩ, ධාවන පථ සහ ක්ෂේත්‍ර උපකරණ, සියලුම කණ්ඩායම් ක්‍රීඩා උපකරණ, ජිම්නාස්ටික් උපකරණ, කායවර්ධන සහ බර එසවීමේ උපකරණ, බහු ස්ථාන ව්‍යායාම් යන්ත්‍ර, ක්‍රීඩා මෙට්ට, ක්‍රීඩා උත්සව සඳහා අවශ්‍ය අපකරන, ක්‍රීඩාගාරවල පුටු, ක්‍රීඩා පුහුණු උපකරණ, අපද්‍රව්‍ය කළමණාකරන උපකරණ, ක්‍රීඩාවට අවශ්‍ය වානේ උපකරණ, ෆයිබර් වීදුරු, වෛද්‍ය උපකරණ, ක්‍රිකඞ් ලණු පැදුරු, සැහැල්ලු පන්දු ක්‍රිකට් පිති සහ ඉනි, ක්‍රීඩා ඇඳුම්

Exit mobile version