මාලිංග නැති අයි.පී.එල්. ගැන ඉන්දීය සුපිරි කෝටිපතියා පසුතැවෙයි

මැදපෙරදිග එමීර් රාජ්‍යයේදී මෙවර පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතා (අයි.පී.එල්.) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් මාලිංග ඉවත් ව තිබේ.

වසර 12 ක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කර ඇති මාලිංග මෙවර තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇත්තේ ඔහුගේ පියා අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා බව සඳහන් වේ.

ඔහු ළගින් සිටීමට මාලිංගට ඇති අවශ්‍යතාව නිසාත් රටකින් රටකට සංචාරය කිරීමේදී නිරෝධානයට ලක්විය යුතු බැවින් ඔහුට නිතර පියාව බැලීමට නොහැකිවීම ඊට හේතුවයි.


මුම්බායි කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියාවේ අංක එකේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි පවසන්නේ මාලිංග මෙවර තරගාවලියෙන් ඉවත් වුණත් ඔහු පුරාවෘත්තයක් බවයි.

“ලසිත් යනු පුරාවෘත්තයක් විතරක් නෙමෙයි අපිට තිබුණ ශක්තිමත් කුළුණක්. මෙම අදියරේදී මාලිංගගේ දක්ෂතාව අපිට මග හැරෙනු ඇති. ඒ ඔහු තරගාවලිය ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් මේ කාලයේදී ඔහුට පවුලේ අය සමග සිටීමට අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. ඒක අපි වටහා ගෙන ඉන්නවා.“

මාලිංගගේ ආදේශකයා වශයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජේම්ස් පැටින්සන් මුම්බායි කණ්ඩායමට කැඳවා ඇත
ලසිත් මාලිංග අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වෙයි.

ඔහු අයි.පී.එල්. තරග 170 කදී කඩුලු 122 ක් බිද දමා ඇත. ඔහුට fදවැනි තැන පසුවන අමිත් මිස්රා තරග 147 කදී බිද දමා ඇත්තේ කඩුලු 157 ක් පමණි.

මීට අමතරව අයි.පී.එල්. පන්දු යවන්නන් අතරින් වැඩිම පන්දු සංඛ්‍යාවක් ලකුණු ලබා ගැනිමට නොහැකිව (ෘදඑ ඊ්කක) යවා ඇති පන්දු යවන්නන් අතර මාලිංග පසුවන්නේ දෙවැනි ස්ථානයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලිංග තරග 122 කදී ලකුණු නොමැතිව පන්දු 1155 ක් යවා ඇති අතර එහි පළමු තැන පසුවන හර්බජාන් සිං තරග 160 කදී නිලකුණු පන්දු 1249 ක් යවා තිබේ.

Exit mobile version