මහින්දානන්දගෙන් පොලීසියට පිටු 6ක වාර්තාවක්

 

ඉන්දියාවේ මුම්බායි හීදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දා නන්ද මහතා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (24) ප්‍රකාශයක් සටහන්කර ගනිමින් විමර්ශනයක් ආරම්භකර තිබේ.

සිය ප්‍රකාශයට අදාළව විස්තර ඇතුලත් පිටු හයක වාර්තාවක් එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොලිසියට භාරදී ඇත.

ක්‍රිකට් තරඟ තරග පාවාදීමේ ප්‍රකාශයට අදාළ සියලු විස්තර සහ ලියකියවිලි ද එම වාර්තාවට ඇතුළත් බව නාවලපිටියේදී අද පැවති මාධ්‍ය හමුව අමතමින්  මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


තරග පාවා දුන් බව තමා පමණක් කියන කරුණක් නොවන බවත් ඒ පිළිබඳ ලෝකයේ ම ලෝකයේම අවධානය යොමුව තිබෙන බවත් අලූත්ගමගේ මහතා එහිදී කියා සිටියේය.

තරග පාවා දීම සම්බන්ධව චෝදනා ලැබ සිටින රටවල් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නම ද ඇතුළත් වන බව සිහිපත් කළ ඒ මහතා තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන නිසා මාධ්‍ය හමුවේ ඒ පිළිබඳව වැඩිදුර කරුණු හෙළි කිරීමට අපේක්ෂා නොකරන බවද බවද සඳහන් කළේය.

තරඟ පාවාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබූ බවද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

නාවලපිටියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී උදෑසන 6.30 ට පමණ එම ප්‍රකාශය සටහන්කරගෙන ඇත්තේ ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රකාශයට අනුව වැඩිදුර විමර්ශන සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

 

Exit mobile version