මල්ලවපොර කළමනාකරු නෝර්වේ දී ගල් වුණේ ක්‍රීඩා බලධාරීන් දැනගෙන ද?

නෝර්වේ ඔස්ලෝහි පැවති එක්සත් ලෝක මල්ලව පොර ශූරතා තරගාවලිය අතරතුර  ශ්‍රී ලංකාවේ මල්ලව පොර කළමනාකරු වූ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ    පැනයාමේ   සැලසුම ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන් දැනුම්වත්ව සිදු වී ඇතිදැයි සැක පහළ වන බව ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන  ඒකකයේ  ආරංචි මාර්ග පවසයි.

තරගාවලියට දින 03ක් තිබිය දී    පැන ගිය ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ   ජාතික මල්ලවපොර සම්මේලනයේ උප සභාපති ලෙසද කටයුතු කරමින් සිට ඇත.

මෙම  සංචාරය සූදානම් කරන අවස්ථාවේ දීම කොළඹ මල්ලවපොර  සංගමයේ සභාපති  නිරෝෂන් පෙරේරා විසින් සියලුම ක්‍රීඩා බලධාරීන් දැනුම්වත් කර කියා ඇත්තේ මෙම සංචාරය සඳහා අවසර නොදෙන ලෙසත් මෙහි යටි සැලසුම සංචාරය අතරතුර කීප දෙනෙකුගේ පැන යෑම බවත්ය.


තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ජාතික මට්ටමින් නිසි ක්‍රමවේදයකට තෝරාගෙන නැති බවත් කළමනාකාරවරයාගේ හිතවත් ක්‍රීඩකයින් කීප දෙනෙක් ඒ සඳහා නම් කර තිබුණු බවත් නිරෝෂන් පෙරේරා දන්වා තිබේ.

එහෙත් ඒ කිසිම තොරතුරක් නොසලකා මෙම සංචාරය සඳහා අවසර දීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත. තරගාවලිය අතරතුර ඊට සහභාගී වූ ක්‍රීඩකයන්ගේ මුදල් ද රැගෙන කළමනාකරු අතුරුදහන් වීමත් සමග නෝර්වේ තානාපති කාර්යාලය හරහා මෙම ක්‍රීඩකයන් යළි රටට ගෙන්වා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට රජයට සිදු වී තිබේ.

මේ වනවිට මේ සම්බන්ධව පරීක්ෂණ කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන්   ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.  මේ වනවිට කොළඹ මල්ලවපොර සංගමයේ සභාපති නිරෝෂන් පෙරේරා එම ඒකකයට ගෙන්වා විශේෂ ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු ආසියානු  මල්ලව පොර සම්මේලනයේ ප්‍රධානී සරත් හේවාවිතාරණ ඒ.එෆ්.පී සේවයට සිද්ධිය වූ අවස්ථාවේදීම පවසා තිබුනේ  “අපි සැක කරන්නේ ඔහු ස්විට්සර්ලන්තයට යාමට උත්සාහ කරනවා විය හැකියි. ඔහුට ඔස්ලෝවල ඉන්න බෑ. අපි ඔස්ලෝ පොලිසිය හා අනෙකුත් නෝර්වේ බලධාරීන් දැනුම්වත් කර තිබෙන්නෙ ”  යනුවෙනි.

Exit mobile version