බුකි කරුවෝ වැඩ අරඹති… එල්.පී.එල්. යොවුන් ක්‍රීඩකයකුට තරග පාවා දීමේ යෝජනාවක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන 26 වැනිදා ආරම්භ කිරීමට නියමිත  එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන දේශීය යොවුන් ක්‍රීඩකයකුට තරග පාවාදීම් සම්බන්ධව කළ යෝජනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂණ විමර්ශන ඒකකයට වාර්තා කර තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයකු විසින් 24 හැවිරිදි යොවුන් ක්‍රීඩකයකු අදාළ යෝජනාව කර ඇති බවයි. එම සිද්ධියේ සත්‍යතාව සහ නම් හෙළි කිරීමට අදාළ වගකිව යුතු පාර්ශ්ශව අකමැති වුවද එම යෝජනාව කර ඇති ක්‍රීඩකයා දඟ පන්දු යවන්නකු වශයෙන් කටයුතු කර ඇති අතර විදෙස්   ටී10 තරගාවලියකටද සහභාගි වූ ක්‍රීඩකයෙකි. පැමිණිල්ල කර ඇති ක්‍රීඩකයා කොළඹ කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු දකුණත් පිට දඟ පන්දු යවන්නෙකි.

අදාළ යෝජනාව සම්බන්ධව පැය 24 ක් යෑමටත් පෙර එම යොවුන් ක්‍රිඩකයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂණ විමර්ෂණ ඒකකයට පැමිණිලි කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයේ ප්‍රධානියා වන තේජක වනිගසේකර මේ සම්බන්ධව පවසා සිටියේ සියලුම ක්‍රීඩකයන්ට අයුතු යෝජනා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවසර දී ඇති බවත්, පැමිණිලි කළ ක්‍රීඩකයා හෙළි කළ නොහැකි බවත්ය. මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා කළ හැකි උපරිමය කරන බව ද ඔහු පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ නීති සංග්‍රහයට අනුව මෙන්ම ශ්‍රී ලංකාවේ නීතියට අනුව ක්‍රිකට් තරග පාවාදෙන පුද්ගලයන්ව කොටු කර ගැනීමට හැකිවන ආකාරයට තරගාවලියේ නීති රීති තර කර තිබේ.  තරගාවලියේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දූෂණ විමර්ශන  ඒකකය විසින් වැඩ සටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇත.

 

 

 

Exit mobile version