බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පරාජය අයහපත් කාලගුණයෙන් කල් යයි!

ගාල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව්වන්  සිවුවන දිනය නිමා වන විට ලකුණු 52කට කඩුළු 06ක් දැවී අසීරු අඩියකට වැටී සිටියේය. කඩුලු 04ක් ඇතැතිව සිටින කොදෙව්වන්ට පරාජයෙන් බේරෙන්නට ලකුණු 298ක් ලබා ගත යුතුව තිබේ.

ඔවුන්ට ජයග්‍රහණය සඳහා හිමිව තිබුණේ ලකුණු 348ක ඉලක්කයකි.  පළමු ඉනිමේ බටහිර ඉන්දීය කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 230ක් ලබා ගත්තේය. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40ට කඩුළු 04ක් දවාලූයේ ය. ලකුණු 156ක් ඉදිරියෙන් සිට  දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සාර්ථක වූයේ නැත . ඔහු ලකුණු 3කට දැවී ගියේය.  පළමු කඩුල්ලෙන් පසු පිටියට පැමිණි ඕෂධ ප්‍රනාන්දුත් ලකුණු 14කට දැවී ගියේ. අනතුරුව දිමුත් කරුණාතරත්න සහ ඈන්ජලෝ මැතිව්ස් අතර ලකුණු 123ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගිනි. දිමුත් කරුණාතරත්න ලකුණු 83කට දැවී ගියේය. මැතිව්ස් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේය. ධනංජය සිල්වා එක් ලකුණකට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 191කට ඉනිම අත් හිටවනු ලැබුවේය. පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 347ක් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් හිමි වූයේය. එම ඉලක්කය හඹා යන්නට පැමිණි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ කඩුළු 06ක් ලකුණු 52කට බිඳ වැටි ඇත.


ශ්‍රී ලංකා දෙවෙැනි ඉනිමේ විශිෂ්ට පන්දු  යවන්නා වූයේ රමේෂ් මෙන්ඩිස්ය. ඔහු ලකුණු 17කට බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 04ක් බිඳ හෙළුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලසිත් ඇඹුල්දෙණිය ඉනිමේ පන්දු යැවීම ආරම්භකරමින්  ලකුණු 18කට කඩුළු 02ක් ලබා ගත්තේය. පන්දුවාර 15යි පන්දු 03ක් ඉතිරිව තිබිය දී අයහපත්  ආලෝක තත්වය නිසා තරගය නතර කෙරිනි.

 

 

 

 

Exit mobile version