නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන  විධායක කමිටු නිල කාලය පසුගිය පෙබරවාරි 20 දා නිමා වූ නිසා එම කමිටුව පවත්වාගෙන යෑම නීති විරෝධීබවට  නීතිපතිවරයා විසින් නිර්දේශ ලබා දී තිබිය දී  ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය මේ මස 05 දා දක්වා දීර්ඝ කීරීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ පසු දාතම් කරමිනි. ඒ අනුව අප්‍රේල් 05 දා දක්වා වත්මන් ක්‍රිකට් පරිපාලනයේ බලය වලංගු බවත්  ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කරන ක්‍රිකට් පරිපාලන කමිටුව අප්‍රේල් 06 දා සිට බලාත්මක වන බවත් ඉන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් ක්‍රිකට් විධායක කමිටුවේ බලය පසුගිය බෙරවාරි මස 20 වැනිදායින් නිමා වන බව නීතිපතිවරයා පැහැදිලි කරන්නේ ක්‍රීඩා ඇමතිවරයා කළ විමසීමකට අනුවය.


ක්‍රිඩා ඇමතිවරයා එම විමසීම නීතිපතිවරයාගෙන් කරනු ලබන්නේ ක්‍රිකට් විධායක කමිටුවේ ධුර කාලය පෙරවාරි 20 දා නිමාවන බවත් එතැනිනන් පසු එම කමිටුව බලාත්මක නොවන බවත් දන්වා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලිඛිතව දැනුම් දීමෙන් පසුය.  ඒ අනුව ක්‍රිකට් විධායක කමිටුව බල රහිත බව නීතිපතිවරයා පැහැදිලි කරන්නේ පෙරවාරි 20ට පසුව ක්‍රීඩා ඇමතිවරයා කළ  විමසීමට පිළිතුරු ලෙසය.

ඉන් බරපත ප්‍රශ්නය මතුවූයේ  ශම්මි සිල්වාගේ සභාපතිවයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවටය. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කර තිබුණේ නීතිපති විසින් දැන්වූ ඔවුන්ගේ    ධුර කාලය නිමා වී දින 05කට පසුය.

මේ හේතුවෙන් වත්මන් ක්‍රීඩා පනතට අනුව ශම්මි ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව පූර්ණ ක්‍රිඩා තහනමකට ලක් වීමේ නීතිමය අවදානමකට මුහුණ දී සිටියේය. ඒ අනුව ඔවුන්ට ඉදිරි නිලවරණය සඳහාවත් සහභාගී වීමට නොහැකි වීමට නියමිත විය.

කෙසේ වෙතත් මේ වනවිට තත්වය සමහන් කර නීතිපතිවරයාගේ පැහැදිලි කිරමෙන් අනතුරුව ක්‍රීඩා ඇමතිවරයා විසින් පෙරවාරි 17දාට  පසු දාතම් කර නිකුත් කළ ගැසට් නිවේදනය ශම්මිගේ ක්‍රිකට් විධායක කමිටුව බේරා දීමට සමත් වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර අප්‍රේල් 06 දා සිට මැයි 20 නිලවරණය පවත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා පත් කෙරෙන  මහාචාර්ය අර්ජුන් ද සිල්වා ගේ සභාපතිත්වයෙන්, ඈෂ්ලි ද සිල්වාගේ ලේකම් ධූරයෙන් හා    සුජීව මුදලිගේ  භාණඩාගාරිකත්වයෙන් යුතු    ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ  අදාළ ධූර  දැරිමට ඔවුන් නුසුදුස්සන් බව වාර්තා වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජන ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතට අනුව  එහි සාමාජිකයෙක්වන මහාචාර්ය අර්ජුන් ද සිල්වාට  උක්ත තනතුර දරන්නට නොහැකි වීමත්, එම කමිටුවේ භාණ්ඩාගාරික ලෙස නම්කර ඇති සුජීව මුදලිගේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් විගණනය කරන ප්‍රයිස් වෝටර් හවුස් කූපර්  ප්‍රයිවට් ලිමිටඩ් හි සාමාජිකයෙක් වීමත්, ලේකම් ඈෂ්ලි ද සිල්වා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දරමින් වැටුප් ලැබීමත්  නිසා එම තනතුරු දැරීමට ඔවුන් නුසුදුස්සන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

Exit mobile version