නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා පිල කඩුළු 06ට 305යි…

දිමුත් සහ කුසල්..

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රියිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තගයේ පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළ 06කට ලකුණු 305ක් රැස් කරගෙන හිඳී.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීම තේරුවේය.  ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අතර ආරම්භක කඩුල්ල සඳහා දීර්ඝ සබඳතාවයක් රැඳුනේ නැත.   ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13කට දැවී යන විට ලකුණ පුවරුව ලකුණු 14කි. අනතුරුව පළමු කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සම්බන්ධතාවයක් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර ගොඩනැගිනි.

කුසල් මෙන්ඩිස්…

කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ද නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ද ලැබුවේය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සම්බන්ධතාවයක් ගොඩනැගිණි.

ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලැබුවේය. නිරෝෂන් දික්වැල්ල අසාර්ථක විය. ඔහු ලකුණු 07කට දැවී ගියේය.


ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක්  සහ කසුන් රාජිත නොදැවී ලකුණු 16ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුවට පත් කළ පන්දු යවන්නා… ටිම් සවුතී…

ශ්‍රී ලංකා කණ්ඩායම සිරුවට පත් කළ නවසීලන්ත පන්දු යවන්නා ටිම් සවුතී ය. ඔහු ලකුණු 44ට කඩුළු 03ක් ලබාගත්තේය.  මැට් හෙන්රි ලකුණු 65ට කඩුළු 02ක්, මිචෙල් බ්‍රැක්වෙල් ලකුණු 17 කඩුළු 01ක් ලබා ගත්තේය.

මේ අතර ඈන්ජලෝ මැතිව්ස් අද තරගයේ  ලබා ගත් ලකුණු 47ත් සමග  ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000 ඉක්මවා ලබාගත් තෙවැනි පිතිකරුවා බවට  වාර්තා පොත් අතරට එක් විය.

ටෙස්ට් තරග 101කදී මැතිව්ස් මෙ ලකුණු 7000 ලබාගෙන ඇත.    ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිව්ස්… ඔහු ටෙස්ට් දිවියේ ලකුණු 7000 පසු කළ 03වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා විය…

Exit mobile version