තරග මුදල කළුබෝවිල කොවිඩ් ඒකකයට දී  දී දසුන් ශානක කී කතාව… 

කඳුලක් ආවා දස්සා... ස්තුතියි!

Dasun-Shanaka

දසුන් ශානක

කොවිඩ් අතරෙ  ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 20යි 20යි තරඟාවලියේ  අවසන් මහා තරගය පසුගිය 24 දා මහනුවර පල්ලෙ කැලේ ක්‍රීඩාංගනයේ දී පැවැතුවුනා.

තරගය පැවැත්වුණේ  දසුන් ශානක නායකත්වය දැරුව SLC Greys සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරුව SLC Reds අතර.

කාසියේ වාසිය දිනාගෙන  පළමුව පන්දුවට දුන්නු දසුන්ගේ SLC Greys කඩුලු 4ට ලකුණු 201ක් ලබා ගත්තා. දසුන් පන්දු 17ට නොදැවී 48යි. මිනෝද් භානුක පන්දු 51ට ලකුණු 74යි.  පන්දු යැවීමේ දීත් දසුන් ලකුණු 17කට කඩුල්ලක් දවා ගත්තා.  චන්දිමාල් ලා ලකුණු  159කට සීමා වුණා. ලකුණු 42කින් දසුන් ලා ගෙ SLC Greys දිනුවා.


තරගාවලියේ වීරයා දසුන් ශානක.

සම්මානයත් එක්ක මුදල් ත්‍යාගයක්.  දස්සා ඒ මුදල් ත්‍යාගය අතට ගත්තෙ නෑ. ඒක කළුබෝවිල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට පරිත්‍යාග කළා.

“ සල්ලි වලට මුකුත් කරන්න බෑ… මිනිස්සු මැරෙනවා… එක මනුස්සයෙක් හරි හුස්ම ගනීවි.  මං විතරක් නෙමෙයි. කණ්ඩායමට ශූරතාවය වෙනුවෙන් ලැබුණු මුදලින් කොටසකුත්  දෙනවා. මගෙ තරග මුදලින් කොටසකුත් දෙනවා.

“ කළුබෝවිල හොස්පිට්ල් එකේ  Ventilator unit එකක් හයි කරනවා කියලා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්   දැනුවත්  වෙලා හිටියෙ. මේ මැරෙන්නෙ අපිට ආදරය කරන මිනිස්සු.   මේක තමයි අපිට මේ රටේ මිනිස්සු විදිහට කරන්න පුලුවන් දේ. ඒ උපරිම දේ කරනවා. මම විතරක් නෙමෙයි. අපි හැමෝම.“

දස්සා කිව්වා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කඳුලක් ආවා දස්සා. ස්තුතියි.

Exit mobile version