තරගය කණපිට හැරෙව්වොත් ඒ මෙම දුවද්දී දැවී යෑම් දෙකය…

ටෙස්ට් තරගයක දුවද්දී දැවී යෑමක් යනුම වෘත්තීය නොවන ප්‍රවේශයකි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඇරඹී ඇත. ඉනිමේ කඩුළු දෙකක් දැවී ගොස්ය.  ඒ කඩුළු දෙකම දුවද්දී දැවී යෑම්ය.

ලකුණු හයක් ලබාගෙන සිටියදී දිමුත් කරුණාරත්න අනවශ්‍ය කෙටි ලකුණක් කරා දිව ගියේය. ලකුණු 7ක් ලබා තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ බැක්වර්ඩ් පොයින්ට් හි පන්දු රැකි ක්‍රීඩකයා කෙලින්ම පන්දුව කඩුල්ල වෙත එල්ල කිරීමෙනි

අනතුරුව ඕෂධ ප්‍රනාන්දු කඩුල්ල පූජා කළේය. ඔහු නොතිබුණු ලකුණක් කරා අලස ලෙස දිව ගොස් යළි ආපසු හැරුණේය.  ජර්මයින් බ්ලැක්වුඩ් කෙලින්ම පන්දුව   කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කළේය. කඩුළු රකින ජොෂුවා ද සිල්වා කඩුල්ල බිඳ දැමුවේය.


දැන් තරගයේ වාසියේ වැඩිම ප්‍රමාණය කොදෙව්වන් අතය. මේ තරගය පරාජය වුවහොත් එහි  ප්‍රධානම හේතුව මේ සමාව දිය නොහැකි වරදෙහිය.

තවමත් බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 03ක් ඉදිරියෙනි.  වටහාගත නොහැකි සේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203කට සීමා විය. පළමු කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 106නි. ඉතිරි කඩුලු නවයම ලකුණු 96කට බිඳ වැටුනේය. වමත් ඔර්තඩොක් පන්දු යවන්නන් දෙපළ ශ්‍රී ලංකා ඉනිම සුන් කළ අයුරු ලියා තැබුවෙමු. වීරසම්මි පෙර්මවුල් ටෙස්ට් ජීවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු ලකුණු 35කට කඩුළු 05ක් බිඳ හෙළුවේය.

ජොමෙල් වොරිකන් ලකුණු 50කට කඩුළු 4ක් බිඳ හෙළුවේය. පැතුම් නිශ්ශංක හුදකලා සටනක් කර ලකුණු 73ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 203කට සීමා කර පන්දුවට පහර දීම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 69ක් ලබා ගෙන සිටියේය. එක් කඩුල්ලක්ටය.

අද දිනය තුළ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉතිරි කඩුළු 09 ලකුණු 253ක් වනවිට දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව්වන් මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 50ක් ඉදිරියෙන් සිටියේය.

ඉනිමේ හොඳම පන්දු යවන්නා වූයේ රමේෂ් මෙන්ඩිස්ය. ඔහු ලකුණු 70කට කඩුළු 06ක් ලබා ගත්තේය. ලසිත් ඇඹුල් දෙනිය හා ප්‍රවීන් ජයවික්‍රම කඩුලු  02 බැගින් බිඳ හෙළූහ.

නායක ක්‍රෙග් බ්‍රෙත්වයිට් ලකුණු 72ක් ජර්මින් බ්ලැක්වුඩ් ලකුණු 44ක්, සහ න්කෘමහ් බෝනර් ලකුණු 35ක් රැස් කළහ. කිලි මේයර්ස් ලකුණු 36ක් රැස් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට තරගයේ සිව්වන දිනය ය. ශ්‍රී ලංකාව කඩුළු 02ක් දුවද්දී දැවී ගොස් කොදෙව්වන්ට වඩා ලකුණු 03ක් පසුපසිනි.  පැතුම් නිශ්ශංක සුපුරුදු ස්ථාවර සන්සුන් පිතිකරණයෙහි අද යෙදී සිටියේය. ටෙස්ට් වරම් දිනූ චරිත් අසලංක පිළිබඳ දැන් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු දල්වාගෙනය.  චරිත් සහ පැතුම් හෙට උදේ වරුවේ පිත්ත හසුරුවන ආකාරය තරගයේ ඉරණම තීන්දු කරනු ඇත.

Exit mobile version