ගිය වර අවසන් මහා තරගය යළිත් සිහි කරමින් ආරම්භවන අයි.පී.එල් තරගාවලි කාලටහනේ කොටසක් ප්‍රකාශයට පත් වේ!

අමායා උඩුවැරැල්ල –

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ( BCCI ) විසින් ඊයේ (22)  එනම් බ්‍රහස්පතින්දා, පළමු සති දෙක සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලිය මාර්තු මස 22 වනදා ආරම්භ වීමට නියමිත අතර ආරම්භක තරඟයේදී ගියවර ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ( CSK ) සමඟ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ( RCB ) තරඟ වදිනු ඇති.

අර්ධ කාලසටහනක් ප්‍රකාශයට පත්කර ඇත්තේ IPL තරගාවලිය යෙදෙන කාලය තුළ ඉන්දියානු මහ මැතිවරණය ද යෙදෙන බැවින් . ඉන්දීය මාධ්‍ය වාර්තා වලට අනුව මැතිවරණ කොමිෂන් සභාව මාර්තු මස මැද භාගයේදී රටපුරා මැතිවරණ කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර ඉන් පසුව IPL තරඟාවලියේ ඉතිරි කාලසටහන අනාවරණය වීමට නියමිතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංස්  කණ්ඩායම්වල නායකත්වය දරන්නේ ලෝක සම්භාවනාවට පත් ක්‍රිකට් පතාකයින් දෙදෙනෙක්.    2024 IPL පලමු තරගයේදීම   දෝනි සහ විරාත් කෝලිගේ සටන  තරගාවලියටම ආලෝකයක් සපයනු ඇතැයි ක්‍රිකට් ලෝලින් අපේක්ෂා කරනවා.


Exit mobile version