ගම්පහ දිස්ත්‍රික් 13න් පහළ බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 40ක්!

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් සංචිත ගොඩනැගීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කිරීම පසුගියදා සිදු කෙරිණි.  

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව සහ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය ඒකාබද්ධව පැවැත්වූ එම වැඩසටහන මගින් ගම්පහ දිස්ත්‍රික් 13න් පහළ බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 40 දෙනකු ඇතුළත් වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ, බණ්ඩාරවත්ත, මැක්‍රෝ ක්‍රීඩාංගණයේ මේ වැඩසටහන පැවැත්විණි.

Exit mobile version