ක්‍රීඩාව ආරම්භ කිරීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් උජාරුවෙන්….

නවතා දමා තිබූ ක්‍රීඩාවට යළි පණක් ලබාදෙමින් ඇමරිකාවේ ප්‍රධාන ක්‍රීඩා සමාජයක් වන යූ.එෆ්.සී. හී සභාපති ඩනා වයිට් විසින් සිය සටන් ක්‍රීඩාව යළිත් ආරම්භ කර තිබේ. ඒ ආරම්භය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය සතුට පළ කර ඇති අතර ඔහු පවසන්නේ යළිත් ක්‍රීඩාව කරගෙන යා යුතු බවයි.

“මට ඩනා වයිට්ට සහ යූ.එස්.සීට සුබ පතන්න අවශ්‍යයි. ඔවුන් ලොකු තරගයක් පවත්වනු ඇති. අපි එයට කැමැතියි. ඒක තමයි වැදගත්. ක්‍රීඩා ලීග නැවත ලබාගන්න. අපි සෙල්ලම් කරමු. සමාජ දුරස්ථභාවය සහ ඔබට කළ යුතු වෙනත් ඕනෑම දෙයක් කරන්න. අපට ක්‍රීඩාව අවශ්‍යයි. අපට අපේ ක්‍රීඩාව යළිත් අවශ්‍යයි.” යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සුබ පැතුම් පිරිනමා තිබේ.

මාස දෙකක පමණ කාලයකට පසුව ඇමරිකාවේ පැවැති පළමු ක්‍රීඩා තරගය වන්නේ යූ.එස්.සී තරගයයි. එහිදී දුරස්ථ භාවය සහ ප්‍රේක්ෂකයන් රහිතව තරගය පැවැත්වීමට වෛද්‍ය උපදෙස් ලබාදී තිබුණි. යු.එස්.සී. යනු සටන් ක්‍රීඩා සමාජයකි.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට මාසයකට ප්‍රථම එරට ක්‍රීඩා සංගම් ප්‍රධානින් කැඳවා යළිත් ක්‍රීඩාව ආරම්භ කරන ලෙසට දැන්වුවද එම සංගම් සභාපතිවරුන් ක්‍රීඩා ආරම්භ කිරීම ප්‍රමාද කළේය. ඔවුන් එහිදී පවසා සිටියේ ජනාධිපතිවරයා යළිත් ක්‍රීඩාව ආරම්භ කිරීමට යෝජනා කළත් සෞඛ්‍ය අංශවල උපදෙස් නොමැතිව ක්‍රීඩාව ආරම්භ කළ නොහැකි බවයි. ඒ අනූව යළිත් ක්‍රීඩාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා දැඩි සතුටට පත්ව ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගතයෙන් පසුව ඇමරිකාවේ පැවැති පළමු ක්‍රීඩාව වශයෙන් මෙම සටන් ක්‍රීඩාව හැඳින්විය හැකි වෙද්දී එහි ජයග්‍රහකයා වූ රයන් පවසන්නේ මෙවැන්නකි. “ප්‍රේක්ෂකයන් නොමැති වුණත් මුකුත් වුණේ නැහැ. කොහොමත් මගේ ලෝකය ප්‍රේක්ෂකයන්.”

 

Exit mobile version