ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321කට  සියල්ලන් දැවී ගියහ. පළමු ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 212කි.  ඔස්ට්‍රේලියානුවන් ලකුණු 109ක් ඉදිරියෙනි.

ගාලු ක්‍රීඩාංගනය දෙස බලනවිට මෙම ලකුණු සංඛ්‍යාව විශාල අන්තරයකි.  පෙනෙන ආකාරයට ඔස්ට්‍රේලියානුවන් ඉන්නේ ප්‍රබල  තැනකය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන්  උස්මාන් කවාජා ලකුණු  71ක්, කැමරන් ග්‍රීන් ලකුණු 77ක්, ඇලෙක්ස් කෙරී ලකුණු 45ක් රැස් කළහ.


පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු  ලකුණු 37ට කඩුලු 02ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 112ට කඩුලු 04ක්,  ධනංජය ද සිල්වා ලකුණු 08ට කඩුල්ලක්,  ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 10ට කඩුලු 02ක්  ලබා ගත්තේය.

ලසිත් අඹුල්දෙණියට කඩුලු ලබා ගැනීමට නොහැකි  වීම කැපී පෙනුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ඉනිම ඇරඹී තිබේ.  දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක කඩුල්ලේ රැඳී සිටිති.

Exit mobile version