එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ තරග පාවා දීමේ චෝදනා ලැබුවෙක්…

අර්ජුන නාමල්ට ලියයි...

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති පුද්ගලයා දේශීය තරග පවාදීම් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක්  බව   හිටපු ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ වෙත ලියුමක් මගින් දන්වා තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලියේ පානදුර ක්‍රිඩා සමාජය හා කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ පාවාදීමක් සිදුවීම පිළිබඳව පාලිත කුමාරසිංහ සිදුකළ වාර්තාව මගින් ඉහත තැනැත්තා සම්බන්ධව කරුණු සහිතව හෙළි දරවු කර ඇතැයි  ද අර්ජුන රණතුංග එම ලිපිය මගින් පෙන්වා දෙයි.

ජාත්‍යාන්තර තරග බිමේ ලංකාව නියෝජනය කළ ක්‍රිඩකයන්ගේ නමට ද කළු පැල්ලමක් එක් කරමින් මෙම ගනුදෙණු ඇතුළත් පාලිත කුමාරසිංහ වාර්තාව සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නවා තබා එම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කර සභාගත කිරීමටවත් අපොහොසත් වී ඇති බවත් ඔහු ඒ ලිපියේ සඳහන් කරයි.


මෙවැනි පුද්ගලයන්ගේ කටයුතු නිසා අයි.සී.සී.ය හමුවේ අප රටක් ලෙස අපකිර්තියට පත් වූ අයුරුත්, ජාතික වශයෙන් වැදගත් මෙහෙවරක් ක්‍රිකට් වෙනුවෙන් කරමින් සිටි නුවන් සොයිසා, අවිශ්ක ගුණවර්ධන වැනි ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජිවිත විනාශ වූ අයුරුත් පෙන්වා දෙයි.

අර්ජුන රණතුංග කියන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් විධායකවරයා ව්‍යාපාරිකයන් සමග ඊ මේල් පණිවිඩ යවමින් මෙරට ජාතික ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලද කණ්ඩායම් පෞද්ගලික ක්‍රිකට් ලීග් තරගාවලි සඳහා විකුණන ආකාරය අනාවරණය වී ඇති බවය. තරග විකාශන අයිතිය විකිණීම සම්බන්ධව සිදුකළ ඩොලර් මිලියන ගණන් වංචා කෝප් කමිටුව හමුවේ හෙළි දරවු වී ඇති බවයි. අල් ජසීරා වැනි නාලිකා ක්‍රිකට් පාවා දෙන්නන් පටිගත කර හසුකරගත් බවය. බුකි කරුවන් මෙරටදී අත්අඩංගුවට ගෙන තිබුණු බවය.

එවැනි පරිසරයක එවැනි දූෂිත නිලධාරීන් සමග සංවිධානය වන එල්.පී.එල් තරගාවලිය සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් තමන්ට ඇති බව අර්ජුණ රණතුංග කියයි.

  1. මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?
  2. මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?
  3. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද
  4. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )
  5. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)
  6. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?

තමන් ලංකාවට ලෝක කුසලානය දිනා දුන් නායකයා ලෙස  මේ සියලු කරුණු  දන්වා සිටින්නේ ක්‍රීඩාවේ දූෂණ මර්ධනය කිරීමේ අභියෝගය බාරගත්  ජාතික තලයේ ක්‍රීඩාකයෙක්, මෙන්ම ජාතික තලයේ තරුණ නායකයෙක් ලෙස ගෞරවයට පත් වුණු  ක්‍රීඩා ඇමතිවරයෙකුට  බව ද අර්ජුණ රණතුංග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්පූර්ණ ලිපිය මෙසේය.

 

 

Exit mobile version