එල්.පී.එල් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝටි 13ක පොල්ලක්…

ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් 136,506,790.00 ක් හෙවත් කෝටි 13.65 කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැති  බව වාර්තා වේ.

මෙම තරගාවලියේ හිමිකාරීත්වය ලැබූ ඩුබායි කේන්ද්‍ර කර ගත් IPG ආයතනය තරගාවලිය පැවැත්වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක් පාඩු ලබා ඇති බැවින් මෙම මුදල  ගෙවා ගැනීමට නොහැකි වූ බව මේ පිළිබඳ කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.  එමෙන් මේ හිඟ මුදල වාරික තුනකින් ගෙවීම පිළිබඳව එම ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විමසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වසර 5 ක ගිවිසුමකට එළඹී සිටින IPG ආයතනය  එල්.පී.එල්  තරගාවලියේ සියලු වගකීම් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැපයිය යුතු වුයේ ක්‍රීඩාංගණ හා තරග නිලධාරීන් පමණකි.  ගිවිසුම් ප්‍රකාරව IPG ආයතනය පළමු වසර දෙක සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.9 බැගින් ගෙවා අනතුරුව ගෙවීම්වල සියයට 10 ක් වැඩිකර ගෙවීමට එකඟ වූයේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙතෙක් IPG ආයතනය ගිවිසුමට අනුව ගෙවා ඇත්තේ ඇමරිකා ඩොලර් මිලියන 1.2 ක් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ අනුව ඔවුන් තවත් ඇමරිකානු ඩොලර් 700,000 ක මුදලක් හෙවත් රුපියල්   රුපියල් කෝටි 13.65 කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

Exit mobile version