ආරම්භක පිතිකරු යුගල දිමුත් – නිශාන් ශතක වාර්තා කරති… අයර්ලන්තයට ප්‍රබල ප්‍රති උත්තරයක්!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම වෙත ප්‍රබල ප්‍රති උත්තරයක් ලබා දෙමින් ඇත.

ඊයේ කඩුළු නොදැවී ලකුණු 88ක් සහිතව නිමා කළ ශ්‍රී ලංකා ඉනිම අද දිවා ආහාරය වනවිට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු  228ක් ලබාගෙනය. ලකුණු 115ක් ලබා ගත් දිමුත් දිවා ආහාරයට තරගය නතර කිරීමට පන්දු 2ක් ඉතිරිව තිබිය දී කර්ටිස් කැම්පර් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

ශ්‍රී ලංකා  ආරම්භක පිතිකරු යුවල වූ නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න දෙපළම ශතක රැස් කළහ. දිමුත් පන්දු 133ක් තුළ හතරේ පහර 15ක් සමග ලකුණු 115කි. නිශාන් පන්දු 159ක් තුළ හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 104කි.

නිශාන්ගේ තුන්වැනි ටෙස්ට් තරගය මෙයය. ඔහු සිය මංගල ටෙස්ට් ශතකය තුන් වැනි ටෙස්ට් තරගයේ දී වාර්තා කළේය.  සිය 86 වැනි ටෙස්ට් තරගය   ක්‍රීඩා කරන   දිමුත් කරුණාරත්න සිය 16 වැනි ටෙස්ට් ශතකය අද වාර්තා කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශතක දෙකක් සමග සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිමේ 492කට සියල්ලෝ දැවී ගියහ. ශ්‍රී  ලංකා කණ්ඩායම තවමත් ලකුණු 264ක් පිටුපසිනි.

Exit mobile version