අයාලේ ගිය ක්‍රීඩකයන් තිදෙනාම අනිවාර්ය මනෝ උපදේශනයට… ක්‍රිකට් දඬුවම ලිහිල් වී දඩය වැඩි වේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එංගලන්තයේ දී ජෛව බුබුල බිඳ දමා අයාලේ ගිය කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධ විනය පරීක්ෂණයක් පැවැත් වූ විනය කමිටුව විසින් නිර්දේශ කළ දඬුවම් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධව විනය කමිටුව නිර්දේශ කර තිබුණේ කුසල් මෙන්ඩිස්ට හා ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක පූර්ණ ක්‍රිකට් තහනමක් හා ඩොලර් විසිපන්දහසක දඩයකි. නිරෝෂන් දික්වැල්ලට මාස 18ක පූර්ණ ක්‍රිකට් තහනමක් හා ඇමරිකානු ඩොලර් විසිපන්දහසක දඩයකි.

එහෙත් අවසන් බලධාරියා වන ක්‍රිකට් විධායක සභාව ක්‍රීඩකයන් තිදෙනාටම වසරක විදේශ තරග තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක් පනවා ඇත. වසරක විදෙස් ක්‍රිකට් තරග තහනම අවසන් වූ පසු තවත් එක් අවුරුදු විදේශීය ක්‍රිකට් තහනමක් පනවා එය වසර දෙකකට අත්හිටුවා තිබේ.

නමුත් රුපියල් ලක්ෂ පනහක දඩය රුපියල් කෝටිය තෙක් වැඩි කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනයට මෙම ක්‍රීඩකයන් තිදෙනාම යොමු කර ඇත.

Exit mobile version