අප අයිසීසියට ගරු කරනවා සේ ICCය මේ රටේ නීතියටත් ගරු කළ යුතුයි… ක්‍රීඩා ඇමති ICC උප සභාපතිට කියයි!

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලයට මේ රට ගරු කරනවා සේම  මේ රටේ නීතියට ගරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා වෙත දැනුම් දී තිබේ.

අමාත්‍ය රොෂාන් රණසිංහ

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (11) ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ඇමතිවරයා මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.

ඉම්රාන් කවාජා ගේ ශ්‍රී ලංකාවේ සංචාරය ගැටලු සහගත වූයේ කාරණා කීපයක් හේතුවෙනි.

ක්‍රීඩා පනතට ගෙනා සංශෝධනත් සමග  ක්‍රිකට් පාලක මණ්ඩලය විෂයෙහි  වූ දූෂිත ස්වරූපය ප්‍රශ්න කිරීමකට ලක් වුන බව පසුගිය වකවානුව පුරාම හෙලි වී තිබිණි.


ක්‍රීඩා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට  දේශපාලන බලපෑම් ඇති වී ඇතැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් කළ දැනුම් දී තිබුණ බවය.

ඒ අනුව තමන් ඒ සඳහා සාකච්ඡාවකට සූදානම් බව අමාත්‍යවරයා ජත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිඛිතව දන්වා තිබිණි.

එයට පිළිතුරු ලෙස ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ඇමතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ මෙම ප්‍රශ්නය රට ඇතුළේ ඇති වී තිබෙන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලයේ මැදිහත්වීමක් අනවශ්‍ය බවය.

ඊයේ (10) ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එවන් පසුබිමක බව ක්‍රීඩා අමාත්‍යාංශය කියයි.

අයි.සී.සී. උප සභාපති ඉම්රාන් කවාජා

ඉම්රාන් කවාජා දිවයිනට පැමිණ මුලින්ම මුණගැසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් බවත් ඔවුන් සමග සාකච්ඡා පවත්වා ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට පැමිණෙන බව දන්වා ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

එහෙත්  ක්‍රීඩා අමාත්‍යාංශය දක්වන පරිදි මෙවන් සාකච්ඡාවක් පිලිබඳ ජත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් රටට පෙර  දැනුම් දීමක් කර නැත.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම සම්බන්ධව ජාත්‍යාන්තර ක්‍රිකට් කව්න්සලය නිල වශයෙන් දැනුම්වත් කිරීමෙන් පසු අද මෙම සාකච්ඡාවට කාලය වෙන් කර තිබේ.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලයට අප ගරු කරනවා සේම රටේ නීතියටත්  ගරු කරන ලෙස උප සභාපතිවරයාගෙන් ඇමතිවරයා ඉල්ලා ඇත.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ නිවැරදි දේ කිරීමට ක්‍රිකට් ආයතනයට තමන් සහයෝගය දෙන බවය. එහෙන්ම ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට තරග වැදීම සඳහා සුදුසුකම් ලැබීමට තේරීම්  තරගවලට මුහුණ දිය යුතු මට්ටමට බිඳ වැටී ඇති ආකාරය ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයාට පෙන්වා දී ඇත.

ඒ තත්ත්වයෙන් නැගී සිටිමට ක්‍රියා කරන විට සියලු දෙනාගේම සහයෝගය ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ සියලු දෙනාගේ වගකීම බව ද ඇමතිවරයා පවසා තිබේ.

ඇමතිවරයා  ඉම්රාන් කවාජාට පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට  වගකීමට විෂය භාර අමාත්‍යවරයා  ලෙස තමන්  බැඳී සිටින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේ දී නිවැරදි සැලසුමක් සහිතව සියලු පාර්ශව සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා අවධාරණය කර ඇත.

 

 

Exit mobile version