fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ෆේස්බුක් සමඟ පැවැති සබඳතා වයිබර් අත්හරියි

ලොව පුරා ෆේස්බුක් විරෝධයක්

by Lanka Sara Editor
ජූලි 1, 2020
in විද්‍යා හා තාක්ෂණ
444 4
Share on FacebookShare on Twitter

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා අත්හළේය.

ඒ අනුව Facebook Connect, Facebook SDK සහ GIPHY යන විශේෂාංග සියල්ල නවතා දැමීමට වයිබර් පියවර ගනු ඇත. තව ද #StopHateForProfit යනුවෙන් ෆේස්බුක් ජාලයට එරෙහි ක්‍රියාත්මක සමාජ රැල්ලට සහාය පළ කරමින් ෆේස්බුක් තුළ සිදු කරන සියලු දැන්වීම් කටයුතු නැවැත්වීමට ද වයිබර් පියවර ගැනීමට නියමිත ය.

අමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සති කිහිපය තුළ පැවැති මහජන උද්ඝෝෂණ අතරතුරදී, Anti-Defamation League සහ NAACP ඇතුළු සමාගම් හයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ තම දැන්වීම් ජූලි මාසයේදී නවතා දමන ලෙස උපදෙස් දුනි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පැතිර යන වෛරී ප්‍රකාශනවලින් තම පරිශීලකයින් මුදාගැනීමට ෆේස්බුක් ආයතනයට නොහැකි වීම ඊට තුඩුදුන් ආසන්නතම හේතුව විය.

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

කෙසේ වුව ද ඊට පෙරාතුව පවා ෆේස්බුක් සමාගම තම දත්ත අවභාවිත කිරීම පිළිබඳ චෝදනා ලැබීය. විශේෂයෙන්ම කුප්‍රකට කේම්බ්‍රිජ් ඇනලටිකා අනාවරණයේදී අදාළ දේශපාලන උපදේශන සමාගම ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87කගේ දත්ත රහසිගතව අත්පත් කරගෙන ඇති බව වාර්තා විය.

එවන් පසුබිමක වෛරී ප්‍රකාශන ව්‍යාප්තිය යනු ෆේස්බුක් හි වරදකාරී හැසිරීමෙහි ආසන්නතම වරද ලෙස වයිබර් කළමනාකාරීත්වය කල්පනා කරයි.

“වර්තමාන ලෝකය තුළ සිය භූමිකාව කුමක්දැයි තමන් තවමත් අවබෝධ කරගෙන නොමැති බව ෆේස්බුක් දිගින් දිගටම ප්‍රකට කරමින් සිටිනවා. දත්ත අවභාවිතය සහ එහි ඇප් මෘදුකාංග සතු දුර්වල රහස්‍යභාවයට අමතරව දිගින් දිගටම සිය පරිශීලකයින්ට මුහුණ දීමට සිදුව ඇති අනතුරුදායක සහ හිංසාකාරී තත්ත්වයට එරෙහිව කිසිදු පියවරක් ගනිමින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෆේස්බුක් සමත් වෙලා නැහැ.

සත්‍යය කුමක්දැයි අපි විනිශ්චය කළ යුතු නැහැ. මෙතැනදී අපි දකින එකම සත්‍යය වන්නේ ප්‍රචණ්ඩ අන්තර්ගතයන් හරහා ඇතැම් මිනිසුන් පීඩාවට පත්ව තිබෙන බවයි. ඊට එරෙහිව අපි පැහැදිලිව පියවර ගත යුතුයි” යැයි මෙම තීරණය පිළිබඳ අදහස් දක්වමින් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.

වයිබර් ඇප් මෘදුකාංගය, ෆේස්බුක් සමඟ පවත්වාගෙන යන දැන්වීම්කරණය ඇතුළු සියලු සබඳතා අත්හැරීම 2020 ජුලි මස ආරම්භයේදී සිදුවනු ඇත. ඒ අනුව ෆේස්බුක් දැන්වීම් සඳහා වයිබර් ගෙවීම් ද වහාම අත්හිටුවීමට නියමිත ය.

Share79Tweet44
Previous Post

ඊයේ අරවින්ද… අද උපුල් තරංග… ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් ඒකකය වැඩ අරඹයි

Next Post

නිධානයක රන් විකුණන බව කියා ධනවතුන් කොල්ල කෑ දොස්තර සොයයි

Related Posts

Sperm-Cells-Swimming
විද්‍යා හා තාක්ෂණ

 මිනිස් ශුකාණු චලන වේගය වැඩිකරන ලොව හොඳම සංයෝගය සොයාගත් විද්‍යාඥයාට පේටන්ට් අයිතිය ගන්න ඩොලර් නෑ.

ඔක්තෝබර් 28, 2022
පුවත්

පෝලන්ත විද්වතුන් හෙළිකරගත් කොවිඩ් වෛරසය මාරාන්තික කරන ජානය!

ජනවාරි 15, 2022
මේ මස මුලදී ඩේවිඩ් බෙනට් සමග ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි පී. ග්‍රිෆිත් ගත් ඡායාරූපයක්
ජීවිතය

මනුස්සයෙකුට ජීවිතය දුන් ඌරු හදවතේ කතාව!

ජනවාරි 11, 2022
Next Post

නිධානයක රන් විකුණන බව කියා ධනවතුන් කොල්ල කෑ දොස්තර සොයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist