WHO වාර්තා අනුව තහවුරු කළ ආසාදිතයන් මෙන් 5 ගුණයක් සමාජයේ…. ඉන් සියයට 5ක් මරණීය අවදානමක… 

Vaccine

People wait to enter a Covid-19 vaccination center in Mumbai, on April 27.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව පරීක්ෂණ මගින් සොයා ගන්නේ අසාදිතයින්ගෙන් 15.8%ක් පමක් බවත්  සොයා ගනු ලබන රෝගීන් මෙන් පස් ගුණයකට වඩා  පිරිසක් රට තුළ සිටින බවත්  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

මේ පිරිසෙන් සියයට පහක් මරණීය අවදානමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එහි සභාපති රවී කුමුදේශ් පවසන්නේ මෙම තත්වය  ඇතිවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන්  බවය., පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම මගින් හමුවන රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් එය රජයට දැරිය නොහැකි බරක් විය හැකි බැවින්, එසේ නොකර සිටින ආකාරය  ඇතැම් වසංගත රෝග ප්‍රධානීන් රජයට දැනුම් දී ඇති අයුරු වාර්තා වන්නේයැයි ඔහු කියයි.


“ මේ අය ජනාධිපතිවරයාවත් නොගමග යවනවා. රෝගීන් සොයා නොගැනීමෙන්   රෝගයක් පවතින බව පවා නොදැනයි මිනිස්සු මිය යන්නෙ.  ප්‍රතිකාර අත්‍යවශ්‍ය 5% කටත් වඩා  පිරිසක් රෝහලක් සොයාගන්නාවිට ජීවිතක්ෂයට පත් වෙලා ඉවරයි.  මිනිස්සු මැරෙන්න ඇරලා මල සිරුරුවලට පී.සී.ආර්. කරන ප්‍රතිපත්තිය නවත්වන්න.“

“අවම වශයෙන් තමන් ආසාදිතයෙකුද, නැත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම තමයි රජයක වගකීම.    එම වගකීම පවා පැහැරහරින සෞඛ්‍ය අමාත්‍යාංශයක් කුමක් සදහාද යන්න පවා ගැටලුවක්. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ අසාදිතයින්ගෙන් 80%ක් පමණ රජයට කිසිදු බරක් නොවන සේ කළමනාකරණය  කරගත හැකිව තිබියදී, රෝගීන් නිවැරදිව හඳුනා ගැනීම අමතර බරක් වෙන්නෙ කොහොම ද?.“ යැයි ඔහු ප්‍රශ්න කළේය.

Exit mobile version