WHO පණිවිඩයක්… දෙවන මාත්‍රාව සති12න් නැතිනම් යළි මාත්‍රා 02කම ගන්න අවශ්‍ය නෑ…

නිර්දේශ කළ ආකාරයට සති 8-12ත් අතර කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට අපොහොසත් වූ පුද්ගලයන් සඳහා යළි මාත්‍රා දෙකම ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික වාර්තාවක් ඔස්සේ ලංකාවට දන්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රි ලංකාව සමග හුවමාරු කරගත් තාක්ෂණික සටහන අනුව එන්නත් මාත්‍රා දෙක අතර මාස 06ක කාල පරතරයකින් පසුව වුව ද පළමු එන්නත් මාත්‍රාව හරහා විශාල ප්‍රතිශක්තිමය ආවරණයක් ලබා දී ඇති බව දක්වා ඇත.
මෙම තාක්ෂණික සටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති අතර COVID-19 එන්නත් පිළිබඳ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කණ්ඩායමේ (SAGE) සහ එහි ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් විසින් එය සමාලෝචනය කර තිබේ.

එන්නත්කරණ වැඩසටහනේ දෙවන මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් පන්ලක්ෂ අසූපන්දහසක් අවශ්‍යව ඇත. එම එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට මෙතෙක් ලංකාව ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වූයේය.

එන්නත් සමාගම හා සම්බන්ධ නිෂ්පාදන ප්‍රමාදයන්, නැව්ගත කිරීමේ ප්‍රමාදයන් සහ ඒ ඒ රටවල අවශ්‍යතා ප්‍රමුඛ වීම ඇතුළු විවිධ සාධක හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෝලීයව සැපයීම සීමා වී තිබීම තුළ එන්නතේ දෙවන මාත්‍රාව සඳහා නිර්දේශ කරන ලද සති 8-12 කාලයේ දී එහි දෙවන මාත්‍රාව ලබා දිය නොහැකි බැවින් අනාගත එන්නත් සැපයුමේ අවිනිශ්චිතතාවය මත පදනම්ව තත්වය සමාලෝචනය කිරීමට රටවල් පොළඹවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

තුන්වන අදියර සායනික අත්හදා බැලීමේ දත්ත වලට අනුව, ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාවෙන් දින 22 කට පසුව රෝග ලක්ෂණ සහිත COVID-19 ට එරෙහිව එන්නත ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

එන්නතේ පළමු මාත්‍රාවන් ලබා දීමෙන් පසුව, රෝහල්ගතවීම් හා මරණ 80% කට වඩා අඩුවී ඇත.

එක්සත් රාජධානියේ, පළමු මාත්‍රාවෙන් පසු පළමු සති 6-12 තුළ, රෝහල්ගත කිරීම් සහ මරණවල 80% ට වඩා අඩු වීමක් දක්නට ලැබුණි. මෙම නිරීක්ෂණ අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම සති 12 තුළ මාරාන්තික කොවිඩ් තත්වයෙන් රෝගීන් ආරක්ෂා වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


– ‍ඩේලි මිරර්-

Exit mobile version