තුන් කොන් එක්දින තරගාවලිය අවසන් මහා තරගය ශ්‍රී ලංකා A සහ ඉන්දියා A කණ්ඩායම් අතරය. ඒ අවසන් මහා තරගය දැන් දඹුල්ලේ දි පැවැත්වෙමින් තිබේ. අපේ ක්‍රිකට් උණ ඇති උන් ඉන්දියානු කණ්ඩායමටත් වඩා උනන්දු වන්නේ ඉන්දියාවේ ක්‍රිකට් පොඩි එකා වයිභාව් සූර්යවංශී ගැනය.
ඇත්තටම කිව යුත්තේ සූර්යවංශී පොඩි එකා අද අපේ උන් ඇඬෙව්වේය. පන්දු 11 දී ලකුණු 50කි. ලකුණු රැස් කළ සෑම පහරක්ම හතරේ පහරක් හෝ හයේ පහරකි. හයේ පහර 05කි. හතරේ පහර 05කි. එය පිති ප්‍රහාරයක් නොවේ. ක්‍රිකට් මිනී මැරුමක් වැනිය. හේදිලා යන උන් හේදී ගියේය.
ඔහු තරගයේ මුහුණ දුන් මුල්ම පන්දු 05ට හතරේ පහර 03කි. හයේ පහර දෙකකි. ලකුණු 24කි.

අවසානයට ලෝක වාර්තාවක් සනිටුහන් උනේය. ඒ පළමු පෙළ තරගයක දී වාර්තාවුන වේගවත්ම අර්ධ ශතකය ලෙසය. ශතකය පෙනී පෙනී සූර්යවංශී දැවී යන්නේය. ඒ ලකුණු 94 දී ය. ලකුණු 94 සඳහා ඔහු වැය කළේ පන්දු 29කි. ඊට හතරේ පහර 10කි. හයේ පහර 08. 94න් ලකුනු 88ක් හතරේ පහර සහ හයේ පහරවලිනි. 9වන පන්දු ඕවරයේ 04වන පන්දුව යවනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 132කි. මුං අපට කීයක ඉලක්කයක් දෙනු ඇතැදැයි දන්නේ නැත.
මේකා අනාගතයේ මොනවා කරනු ඇතිදැයි අත් දෙක බැඳගෙන කල්පනා කරන ගමන්ය.







