සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව ‘කොමිටලයක්’ කළ සජිත්ගේ ප්‍රශ්නවලට අනිල් ජයන්තගෙන් ආර්ථික විද්‍යා පාඩමක්!

by editor
මැයි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය – 

  • ගිණුමේ ප්‍රාථමික ශේෂය වැඩි නම් පෙට්‍රල් මිල අඩු කරන්න. විදුලි බිල අඩු කරන්න. භාණ්ඩාගාරය පිරී ඉතිරි යනවා නම් සහන දෙන්න…  නියෝජ්‍ය මුදල් ඇමති දුන් උත්තර අහන්න…

විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී බොහෝම බර සාර ප්‍රශ්න ටිකක් ඇසුවේය. ඒ ප්‍රශ්න ටික අසා සිටි අපට හිතුනේ අපට මෙහෙම කොමිටලයක් බව දැනෙනවා නම්  ආචාර්ය හර්ෂ ද සිල්වාට  සජබ  තුළ රැඳී සිටීමට  ඇති විචික්ච්චාව මොනතරම් බලවත් වෙනවා ඇති ද යන්නය.  

සජිත් ප්‍රශ්න අහන්නේ ඇඟට අරන්ය. හරිම ගාම්භීර විදිහටය. එතකොට නහය පිම්බෙන්නේය. ඇස් කුඩා වී මුහුණ රැළි මැටෙන්නේය. අංගලනය ගාම්භීර වන්නේය. කටහඩ බර වන්නේය.  සජිත්  ඒ අභිනයන්ගෙන්ම ඇසූ ප්‍රශ්න මෙසේය.

  1. ජනාධිපතිවරයාත් කියනවා භාණ්ඩාගාරය පිරී ඉතිරිනෙවා කියලා. ප්‍රාථමික ශේෂයක් තියනවා කියලා. ලෝක බැංකුවෙන් අයිඑම්එෆ් ආධාර ලෝක බැංකු ආධාර නිසා ආර්ථිකය ශක්තිමත් වෙලා කියලා. එත් ජනාධිපතිවරයාම කියනවා ඉන්ධන මිල වැඩි කරන්න ඕන කියලා තව සැයරයක්. භාණ්ඩාගාරය පිරි ඉතිරිලා නම්, ප්‍රාථමික ශේෂය වැඩි නම් ඉන්ධන මිල වැඩිකරන්න නෙමෙයි ඕන අඩුකරන්න. විදුලි බිල අඩුකරන්න ඕන. විදුලි බිල අඩුකරන්න බැරි ඇයි.
  2. ට්විස්ට් කාර් එක ලක්ෂ 12 ට දෙනවා කිව්වා. දැන් ජනතාවගේ වාහන සිහිනය බොඳ කරලා. වාහනයක් ගැනීම සිහිනයක් වෙලා. කවද්ද ලක්ෂ 12කට ට්විස්ට් කාර් එකක් දෙන්නේ. ජනතාවගේ වාහන අයිති කරගැනීමේ සිහිනය සැබෑ වන්නේ කවදාද?
  3. රජයක් විදිහට ඉදිරිපත් කරපු දත්ත මත පදනම්ව තමයි විසඳුම් සපයන්නේ. එක් පුද්ගලයෙකුගෙ දල වියදම විදිහට සාමානය වශයෙන් රට තුළ ගත්තොත් 16690ක් ලෙස ගණනය කරලා තියනවා.   මේ ජන සංඛ්‍යාලේඛන දරිද්‍රතා රේඛාව ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. බොරු දත්ත මත රාජ්‍ය ප්‍රතිපත්ති හදන්නේ ඔබලා. මේ අය ගෙන්වලා කතා කරලා අහන්න ඇත්ත වශයෙන්ම මේ දින 30ක් ජීවත් වෙන්න 16,690න් පුලුවන් ද කියලා.

නියෝජ්‍ය ඇමතිවරයා පැහැදිලිව උත්තර දුන්නේ මෙසේය.

විපක්ෂ නායක තුමා අහනවා  ප්‍රථමික ශේෂය මගින් ඇයි සහන දෙන්නේ නැත්තේ කියලා.  විපක්ෂ නායක තුමනි… ප්‍රාථමික ශේෂය ලෙස අපට  ලැබෙන්නේ  රටක ප්‍රාථමික වියදම්  සිදුකරලා ඉවර  වුනාට පස්සේ ලැබෙන රාජ්‍ය ආදායම. මේ අපි ආණ්ඩුව  භරගත්තේ  විශාල ආර්ථික අර්බුදයක් සමග. රට විශාල ණය බරකින් සිර වෙලා තිබුණා.  ඒ නිසා තමයි ණය තිරසර වැඩසටහනකට ගිහින් තිබුණේ. බිලියන දෙදහස් පන්සිය ගණනක් පොලිය ගෙවන්න තියනවා.

ප්‍රාථමික ශේෂය ගණනය වෙන්නේ   ණය පොලී ගෙවීමට යන මුදල හැරුණාමයි. ඇයි අපි ප්‍රාථමික ශේෂයක් ගැන කතා කරන්නේ.    ප්‍රාථමික ශේෂය ඉතිරි කරගැනීමේ වාසිය තමයි ණය තිරසර භාවය දෙසට ගමන් කිරීමේ හැකියාව. මෙහෙම ණය තිරසර භාවයට පත් කරගන්නට බැරි වුනා නම් පොලී ගෙවන්න ආයෙම ණය ගන්න වෙනවා. ණය උගුලේ හිර වෙනවා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අපට පුලුවන්කම ලැබුණා ප්‍රාථමික ශේෂය වැඩිවීමෙන් ණය පොලී ගෙවලා ණය ගන්න ප්‍රමාණය අඩු කරගන්න.  ඒ නිසා තමයි අපිට 2031 දි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගත්තු වැඩසටහනේ දී ඉලක්කය විදිහට තිබුණේ අපේ  දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට මධ්‍යම ආණ්ඩුවේ ණය සියයට 95ක් පවත්වා ගන්න ඕන කියන එක.   එහෙම වුනොත් 2032 වනවිට හොඳයි.

හැබැයි දැන් අපට පුලුවන් වෙලා තියනවා මේ වෙනකොටම සියයට 104ක් තිබ්බ ණය ප්‍රමාණය  සියයට  96.8ට ගෙනෙන්න. එතකොට 2030 වෙනකොට අපි සැලසුම් කරලා තියනවා එමණ ණය ප්‍රතිශතය  සියයට 86 දක්වා ගෙනෙන්න.  ඔබතුමා තේරුම් ගන්න. ප්‍රාථමික ශේෂය ස්ථාවර වීම කියන්නේ ණය තිරසර භාවය වැඩි වීමයි. අප කරන්නේ එයයි. ප්‍රාථමික ශේෂය වැඩිවීම ඒ නිසා සහන දීම කියන කාරණාවට පටලවා ගන්න එපා.

 

එතුමා කියනවා  රාජ්‍ය ආදායම වැඩි වෙලා කියලා…. ඔව්. රාජ්‍ය ආදායම වැඩි වෙලා තියනවා. ඒ  වැඩි වෙලා තිබෙන්නේ  අතිරේක බදු ගසලා නෙමෙයි. අද විවාදයට ගන්න දේශීය ආදයම්  පනතේ වගේ බදු අනුකූලතාවය වැඩි කරගැනීමට අදාල කටයුතු කරලා. බදු පදනම පුළුල් කරගැනීම සිදුකරලා.  ඒ නිසා තමයි අපේ අපේක්ෂිත ආදායම සියයට 110කින් වැඩි වුනේ.

කලින් ආණ්ඩු කළ කිසිම ආණ්ඩුවකට තමුන් සැලසුම් කරන ලද බදු ආදායම් එකතු කරගන්න බැරි වුනා.  ඉලක්ක ගත බදු ආදායමටත් වඩා මුදලක් සම්පූර්ණ කළ ලංකා  ඉතිහාසයේ පළවෙනි අවුරුද්ද  තමයි 2025.   බදු ආදායම් එකතු රකගන්න බැරි වුනේ   සැලසුම් පිළිබඳ ගැටලුවකින් නම්  එය  දූෂණයට  පාර කපන තත්ත්වයක්. අපි 2025 දි ඉතිරිකරගත්තා තමයි මුදලක්.  ඒ ඉතිරි කරගත්තු මුදල තමයි විපක්ෂ නායක තුමනි රුපියල් බිලියන 100ක් අතිරේක ප්‍රතිපාදනයක් ලබා දෙන්නේ අද පවතින විශේෂ තත්ත්වය හමුවේ දී.

විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් දෙන සල්ලි දෙන්න බැරි ද අහනවා. ඒක ඉතාම වැරදියි නේ ගරු විපක්ෂ නායක තුමනි. ණයක් අරගෙන ඒක සහනාධාර විදිහට ගෙවන්න බෑනෙ. ඒ ණය භාවිතා කරන්න ඉදිරි වැඩසටහන් තියනවා.  ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ගන්න ඒවා වියදම් කරන්න ඕන නිශ්චිත සමාජ  ව්‍යාපෘතිවලට.    සංවර්ධන ව්‍යාපෘතිවලට.  සංවර්ධන ව්‍යාපෘතවල ප්‍රතිඵල  ලැබෙන්නේ ඉදිරියේ දී. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙ තියෙන්නේ ව්‍යාපෘති. ලෝක බැංකුවේ තියෙන්නේ ව්‍යාපෘති. ඔය සල්ලි  අතීතයෙ ඔහොම බෙදලා දාලා තමයි රට මේ තරම් අර්බුදයක හිර කරලා තියෙන්නේ.

ඒ වගේම වාහන පිළිබඳ කතාවේදී වාහනයක් ලබා ගැනීම වාහනයක්  පාවිච්චි ආර්ථියක් ප්‍රසාරණය වෙනකොට හොඳයි. ඇත්තටම අපි අපේක්ෂා කළාට වඩා වාහන මිලදී ගැනීම් ලැබිලා තියනවා. 2026 වර්ෂයේ අප්‍රේල් මාසය අවසන් වනවිට වාහන 178000ක් ලංකාවට ඇවිල්ලා තියනවා.  මෝටර් සයිකල්  ත්‍රීවිල් කාර් අනෙක් ප්‍රවාහන වාහන… ඒ සියල්ල…  අපිට කිසි ගැටලුවක් ඇතිවෙන්නේ නෑ අපට පාලනය කරන්න බැරි බාහිර තත්ත්වය ඇති නොවුනා නම්.   මේ තියෙන්නේ අන්න ඒ බාහිර තත්ත්වයේ දී අපි ගත්ත තීන්දුවක්. විදේශ විනිමය  මාස තුනකට ආරක්ෂා කරගැනීම.

දරිද්‍රතාවය ගැන ප්‍රශ්නයක් ඔබතුමා අහනවා.   දරිද්‍රතාවය ගණනය කිරීමේ දී මේ ඉදිරිපත් කරන්නේ අතිශය තාක්ෂණික කරුණක්.  එක් පුද්ගලයෙකුගේ මූලිකම අවශ්‍යතාවය ඉෂ්ටකරගැනීම සඳහා වූ තත්ත්වයක්.  ව්‍යුහාත්මක ගැටලුවක් තියනවා රට ඇතුළෙ. මේ දත්තයෙන් ප්‍රකාශ වෙන්නේ   අතිශය තාක්ෂණිකව  අවමය පවත්වා ගැනීමක්.   සංඛ්‍යා දත්ත ලේඛනවලට අනුව මේක අන්ර්ජාතික අනුමිතීන් යටතේ කරන ගණනයක්.  මේකෙන් කිසිම විදිහට කියන්නේ නෑ   16000ක් ලැබුණු ගමන් සුඛිත මුඛිත ජීවිතයක් ගත කරනවා කියලා.”  මෙය තේරුම් ගන්න කියලා ඉල්ලා සිටිනවා.

අචාර්ය අනිල් ජයන්ත කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසයි!

Next Post

තමන්ගේ දෙදරුවන් ගෙදර තබා  ජීවිතය අහිමි ගාසාවේ දරුවන්ට හුස්ම පොදක් අරන් ග්ලෝබල් සමුද් යාත්‍රා පෙළට ගොඩවුන කවුද මේ ලාංකාවේ  සමීරා මහබුබ්දීන්?

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.