ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මචං…. ඒක හීනයකටත් එහායින් තිබුණු බලාපොරොත්තුවක්…” රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකයේ දෙවැනියා වෙයි…

by editor
ජූනි 17, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මේ වනවිට ලෝක අවධානයට ලක් වූ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ  පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය (World No. 2) දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඔහු අද උදෑසන වනතුරු හිටියේ ලෝක ශ්‍රේණිගතකිරීම්වල දෙවැනි තැනය. ලෝක මලල ක්‍රීඩා සංගමය (World Athletics) විසින් නිකුත් කරන ලද නවතම නිල ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව, 23 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීට පෙර රැඳී සිටි තුන්වන ස්ථානයෙන් ඉදිරියට යමින් ලෝකයේ දෙවැනි ස්ථානය තමන් සතු කරගෙන ඇත.

මේ අප ඉදිරියේ ඇත්තේ අපට හීනයකටත් එපිටින් තිබූ අත්පත් කරගැනිමකි.

මීට පෙර කෙටි දුර ධාවන ඉසව්වලින් ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අත්පත් කරගත් සුසන්තිකා ජයසිංහගෙන් පසුව, ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ තනි ඉසව්වක් වෙනුවෙන් වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයය. සුසන්තිකා 2000 -2002 කාලය තුළ  මීටර් 200 ධාවනයේ අංක 03 ස්ථානය හිමි කරගත්තාය.

RelatedPosts

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

සුසන්තිකා ඒ ජයග්‍රහණය ලබන කාලයේ රුමේෂ් ඉපදිලාවත් නැත. රුමේෂ් උපදින්නේ 2003 මාර්තු 21 වන දා ය. අද දින රුමේෂ් වාර්තා කර ඇත්තේ කිසිම ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයෙක් මෙතෙක් වාර්තා නොකළ ලෝක ශ්‍රේණිගත කිරිමකි. රුමේෂ් සිය ඉසව්වෙන් දැන් ලෝකයේ දෙවැනියා ය.

රුමේෂ්ගේ දක්ෂතා මේ වනතුරු අඛණ්ඩව පවතින්නේය. රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී තැබූ ඓතිහාසික වාර්තාවෙන් පසුව ද යුරෝපීය තරග බිමේ සිය ආධිපත්‍යය ස්ථාවර කරගැනීමට ඔහුට හැකි විය. චෙක් ජනරජයේ පැවැති කීර්තිමත් ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේදී අද මීටර් 86.57ක දක්ෂතාවයක් දක්වමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් සමත් වූයේය. මේ ස්ථාවර දක්ෂතාවය ඔහුව මෙම ඉසව්වේ ලෝකයේ දෙවැනි ස්ථානය දක්වා දැන් ඔසවා තබා ඇත.

රෝමයේදී ලෝකය කැළඹූ මීටර් 92.62ක වාර්තාව

රුමේෂ් තරංගගේ මෙම අතිවිශිෂ්ට ගමනට පදනම වැටුණේ 2026 රෝම ඩයමන්ඩ් ලීග් (Rome Diamond League) තරගාවලියේදීය. එහිදී ඔහු මීටර 92.62ක දැවැන්ත දුරක් හෙල්ල විසි කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් මෙන්ම එම තරගාවලියේ නව වාර්තාවක් ද පිහිටුවීය. මෙය 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව (World Leading Throw) වන අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මීටර් 90 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ද විය.

මෙම දක්ෂතාවයත් සමඟ ඔහු සමස්ත ලෝක හෙල්ල විසි කිරීමේ ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයන් අතර 8 වැනි ස්ථානයට පත් වූ අතර, ආසියානු ඉතිහාසයේ දෙවැනි හොඳම දක්ෂතාව හිමි ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත විය. මේ හරහා ඉන්දියාවේ ඔලිම්පික් ශූර නීරජ් චොප්රා ද පසුකර යමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ආසියාවේ අංක එකේ ක්‍රීඩකයා බවට පත්වීමට ද රුමේෂ්ට හැකි විය.

බලාපොරොත්තුවේ ආරම්භය

රුමේෂ් තරංග පතිරගේ  යනු වේගයෙන් සිය දක්ෂතා වැඩි දියුණු කරගත් ක්‍රීඩකයෙකි. ඔහු 2025 වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා එහි 7 වැනි ස්ථානය දිනා ගනිමින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තේය.

2026 වසර පුරාම ඔහු දැක්වූ ඉහළ දක්ෂතා මේ වනවිට ලංකාවේ මළල ක්‍රිඩාව ලෝකයේ සාධනීය තැනක තබා ඇත්තේය. මෙරට හෙල්ල විසි කිරීමේ තවත් දක්ෂ ක්‍රීඩකයෙකුවන සුමේධ රණසිංහ ද ලෝකයේ හොඳම ක්‍රීඩකයන් 30 දෙනා අතර පසුවීම මේ ඉසව්වේ අපට ඇති විභවය පිළිබඳ ගැඹුරු කතාවක කියන්නේය. සුමේධ රණසිංහ දැනට මේ ඉසව්වෙන් ලෝකයේ 26 වැනියා ය.

මේ වනවිට අප ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තු සහිතවය.  හෙල්ල විසිකිරීමේ ඉසව්වේ  දැනට ලෝක ශ්‍රේණිගතකිරීම්වල සිටිනා මුල්    20දෙනා අතර සිටිනා ලාබාලම  ක්‍රීඩකයා රුමේෂ්ය. එය බලාපොරොත්තු දල්වන්නේය. තව වසර දෙකක් මේ දක්ෂතා ආරක්ෂා කරගෙන වර්ධනය කරගැනීමේ අභියෝගය   අප දරා ගත යුතුය. ඒ මේ රත්තරන් කොල්ලා ජාතියක් ලෙස ආරක්ෂා කරගැනීමෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගේ පෙත්සම සලකා බැලීම හෙට…

Next Post

තෙල්දෙණිය රෝහල් රථගාලේ මෝටර් රථයක තිබී වෛද්‍යවරියකගේ සිරුරක් හමුවේ!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…
  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.