PHIලා නැතිව වැඩේ ගෙනියන්න GMOA එකෙන් ආණ්ඩුවට මුක්කුවක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් covid-19 මෙහෙයුම්වලින් ඉවත්වීම හේතුවෙන් පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය සේවාව බිදවැටීමට ලක්නොවීම සඳහා යෝජනා කිහිපයක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ඉදිරිපත් කර තිබේ.

එම සංගමය ලිපියක් මඟින් අමාත්‍යවරිය වෙත යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත.

එම යෝජනා වන්නේ,


  1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා වන සියලු පහසුකම් ඒ අය වෙත ලබා දීම.
  2. අවශ්‍යතාවයක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලට වෛද්‍යවරුන් වැඩිපුර අනුයුක්ත කිරීම.
  3. covid රෝග පාලනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හට අමතරව අවශ්‍ය වන මානව සම්පත් සඳහා විකල්පයක් හඳුනාගෙන ඒ අය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ සෘජු අධීක්ෂණය හා තාක්ෂණික උපදෙස් මත වහාම සේවයේ යෙදවීම.

ආදී කරුණු එම ලිපිය මගින් දක්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් covid -19 රෝග මර්ධන කටයුතු අඛණ්ඩව හා  සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ සඳහා තම සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන ලබාදෙන බවත් ය.

Exit mobile version