සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුව පන්නා ගන්න සිහින දකින්නේ හොරුන්, වංචා කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මිසක් ජනතාව  නොවෙයි… ජනපති කියයි!

by editor
මැයි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • නිල්වලා ලවණ බාධකයෙන් වගා හානි වූ ගොවීන්ට රුපියල් මිලියන 1200ක වන්දි ජනපති අතින් බෙදා දෙයි…

ජනතාවට වග කියන ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවද ජනාධිපති  අනුර කුමාර දිසානායක පැවසුවේය.

වංචා, දූෂණ පිළිබඳ චෝදනා අධිකරණය හමුවේ විභාග වන විට මේ පිරිස්  කලබල වී විවිධ අසත්‍ය කරුණු පතුරවමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  මෙවන් තත්ත්වයක් තුළදීත්   වත්මන් ආණ්ඩුව තව තවත් ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියටම යමින් සිටින බවත්   සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 කාලසීමාවේ වගා කිරීමට නොහැකි වූ ගොවි ජනනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා මාලිම්බඩ  ප්‍රදේශිය සභා ශ්‍රවනාගාරයේ පැවති උත්සවයේ දී ජනතාව අමතමිනි.

වන්දි ප්‍රදානය

2019 වර්ෂයේදී ඉදි කළ මෙම ලවණ බාධකය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, කැකණදුර, මාලිම්බඩ, විල්පිට, මඩිහ සහ තලල්ල ඇතුළු ප්‍රදේශ රැසක වගා බිම්වලට නිරන්තර හානි සිදු විය. එවක පැවති කිසිදු රජයක් මෙම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදුන් අතර, වත්මන් රජය යටතේ 2026 අයවැයෙන් මෙම ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කෙරිණි. ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා හානියට පත් අනුක්‍රමික කන්න 07ක් සඳහා, මෙම වන්දි ප්‍රදානය සිදු කෙරේ.

අදාළ කන්නවලදී තමන්ට සිදු වූ වගා හානි පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිසි පරිදි වාර්තා කර ඇති සියලුම ගොවීන්ට මෙම සහනය හිමි වන අතර, ඒ අනුව වගා නොකළ ඉඩම් අක්කර 12,800ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කිරීමට නියමිතය. මෙහිදී සංකේතාත්මකව ගොවීන් 250 දෙනෙකු සඳහා වන්දි ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, සියලු වන්දි හිමි ගොවීන් සඳහා ඉදිරි දින 14 ඇතුළත වන්දි ප්‍රදානය කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජනතාවගේ ආණ්ඩුව

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බැවින් පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී තිබෙන බවයි.

“යම් හානියක් සිදූ වී කෙටි කාලයක් ඇතුළත වන්දි ගෙවිය යුතුය” යන්න රජයේ ස්ථාවරය බවත්, ජනතාව මුහුණ දෙන එම ක්ෂණික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතරම ක්‍රමිකව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 90,000ක් වෙන් කර තිබෙන බවත්, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහන වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට ඉතිහාසයේ දශක ගණනාවකට පසුව වැදගත් ආර්ථික සාධක ගණනාවකින් මේ වන විට ඉහළ ප්‍රගතියක් ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ආර්ථික දත්ත මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය කෙතරම් පහසු වන්නේද යන්න මත රටේ ආර්ථික වර්ධනය පෙන්නුම් කෙරෙන බව සඳහන් කළේය.

ජනතාවට වග කියන ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඔවුන් සිදු කළ වංචා, දූෂණ පිළිබඳ චෝදනා අධිකරණය හමුවේ විභාග වන විට කලබල වී විවිධ අසත්‍ය කරුණු පතුරවමින් සිටින බවත්, එහෙත් වත්මන් ආණ්ඩුව තව තවත් ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියටම යමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම, මෙම කාර්යයේදී කැප වී කටයුතු කරන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ආදී ආයතනවල කාර්යමණ්ඩල වෙත ස්තූතිය පළ කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කටයුතු කළේය.

මාතර ගංවතුර ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දීමට මෙන්ම, ආර්ථික වශයෙන් පහළ මට්ටමේ සිටින ජනතාවට ස්ථීර ආදායම් මාර්ගයක් ඇති කර දෙමින් උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමටත්, මාතර දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමටත් රජය විශාල වැඩකොටසක් සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවිත උසස් කළ හැකි වැදගත්ම මාවත අධ්‍යාපනය බව හඳුනාගත් රජය දිවයින පුරා පාසල් නවීකරණය මෙන්ම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ඉදි කරමින් පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

මෙහිදී  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම ද ජනතාව ඇමතූහ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත්, අජන්ත ගම්මැද්දෙගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පළාතේ මහජන නියෝජිතයෝද, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු, ගොවි සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැඩසටහන් රැසක්!

Next Post

“ගැමියෙකුගේ අධ්‍යාත්මය සහිතව හැදී වැඩුන මට සංඝ සමාජයේ සිදුවන ඇතැම් සිදුවීම් මහා බලවත් වේදනාවක්…” ජනපති රාජ්‍ය වෙසක් උත්සවයේ දී කියයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.