අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

by editor
ජූලි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරය තුළ පුද්ගල ජීවිත 27ක් අහිමි වෙමින් මහා ඛේදවාචකයක් දක්වා තත්ත්වය ඔඩු දිවීමට ප්‍රධානතම හේතුව බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා ඇතුළු රජය නිසි දේශපාලන නායකත්වයක් ලබා නොදී අදූරදර්ශීව කටයුතු කිරීම බව විපක්ෂය අද (07) පාර්ලිමේන්තුවේදී දැඩිව චෝදනා කළේය.

සිද්ධිය දරුණු ලෙස වර්ධනය වෙමින් පවතිද්දී, ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ඇමැතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට පවා නිලධාරීන්ට නොහැකි වී ඇති බව විපක්ෂය අනාවරණය කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී. පෙරේරා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා   සභාවේදී මේ පිළිබඳව ඉතා විවේචනාත්මකව කරුණු දැක්වූහ.

පූර්ව බුද්ධි තොරතුරු නොසලකා හැරීම

මීගමුව බන්ධනාගාරය තුළ මෙවැනි ගැටුමක් ඇති වීමට නියමිත බවට දින තුන හතරකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, වගකිවයුත්තන් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. ඉකුත් 5 වැනිදා සිදුවූ පළමු ගැටුමෙන් රැඳවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව විසි ගණනක් තුවාල ලැබූ අවස්ථාවේදීම මෙහි බරපතලකම වටහාගෙන අදාළ පාර්ශ්වයන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගත යුතුව තිබූ බව ඔවුහු සඳහන් කළහ.

නමුත් එවැනි කිසිදු තීරණයක් නොගෙන අනුවණ ලෙස කටයුතු කිරීම හේතුවෙන්, දෙවැනි දිනයේදී 27 දෙනකුට ජීවිත අහිමි වූ බිහිසුණු ඛේදවාචකය සිදු වූ බවට ඔවුහු චෝදනා කළහ.

RelatedPosts

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ඇමැතිවරු පැය ගණන් අතුරුදන්

ගැටුම ඔඩු දුවන අවස්ථාවේදී තීරණ ගැනීමට සිටින ඉහළම බලධාරීන් සහ ඇමැතිවරුන් පැය හයක් හතක් යනතුරු දුරකථන ඇමතුමකටවත් සම්බන්ධ කර ගැනීමට නොහැකිව බන්ධනාගාර නිලධාරීන් දැඩි ලෙස අසරණ වී ඇති බව මෙහිදී හෙළි විය. රටේ පවතින නායකත්වයේ සහ කළමනාකාරිත්වයේ දුර්වලතාව මේ තුළින් මැනවින් පිළිබිඹු වන බව මන්ත්‍රීවරු පැවසූහ.

එසේම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නායකත්වයේද දැඩි හිඩැසක් පවතින බවත්, වසරකට අධික කාලයක් තිස්සේ වැඩබලන තනතුරුවලින් පාලනය වීමද මේ අර්බුදයට හේතුවක් බව ඔවුහු පෙන්වා දුන්හ. ඉරිදා දින සිදුවූ ගැටුම නිසි ලෙස කළමනාකරණය කළේ නම් සඳුදා දිනයේ මෙවැනි විනාශයක් සිදුනොවන බව විපක්ෂය අවධාරණය කළේය.

ජනපති අනුරගේ පැරණි ප්‍රකාශ මතක් කරති

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියදී බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැක්වූ අදහස්ද මෙහිදී මතක් කර දීමට විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කළහ.

“බන්ධනාගාරගත කර සිටින සියලු දෙනා රාජ්‍යයේ භාරයේ පසුවන්නන්. ඔවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් බව එදා විපක්ෂයේ සිටියදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. නමුත් අද මෙතරම් විශාල ඛේදවාචකයක් සිදුවී තිබියදීත් ආණ්ඩුවෙන් නිල නිවේදනයක්වත් නිකුත් කර නැහැ.” මෙසේ කීවේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයාය.

මුළු රටම ව්‍යාකූල, භයානක තත්ත්වයකට පත්ව ඇති බවත්, කිසිදු නිසි තීන්දුවක් හෝ අනුමැතියක් නොමැතිව පාලනය ගිලිහී ගොස් ඇති බවත් ඔවුහු පැවසූහ. මීගමුව බන්ධනාගාරයෙන් පුපුරා ගියේ රාජිකත්වත්වයට පත් මේ රටේ යතාර්ථය බව ඔවුහු අවධාරණය කළහ.

මේ අනුව, සිදුවූ මහා විනාශයේ වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී දැන්වූහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අද පාර්ලිමේන්තුවේදී පැය 3ක හදිසි විවාදයක්!

Next Post

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Related Posts

පුවත්

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න

ජූලි 28, 2026
පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න

ජූලි 28, 2026

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න
  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.