සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලගේ උත්සවයට ගියේ ඇත්ත සජිත් නෙමෙයි… AI සජිත්…  නලීන් බණ්ඩාර කියන කතාව…

by editor
අප්‍රේල් 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පාස්කු ප්‍රහාරය සම්බන්ධව උදය ගම්මන්පිල විසින් ලියූ පොතට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සහභාගී විය නොහැකි බවත්,  ඒ අවස්ථාවට සජිත් ප්‍රේමදා AI හරහා එක් කර ඇතැයි තමන් විශ්වාස කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර අද මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

පාස්කු දඩයම කරේ තියාගෙන ගොස් බලයට පත් වූ පිරිස දැන් නැවත  මහ මොළකරුවෙක් නම්කරමින් ජාති වාදය ඇවිස්සීමට කටයුතු කරන  අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

නලීන් බණ්ඩා මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුව අමතමින් කල ප්‍රකාශය මෙසේය.

“පාස්කු ප්‍රහාරයේ දඩයම කරේ තියාගෙන ගිය කට්ටිය තමයි ඔය කට්ටිය. ඒ දවස්වල ජාතික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව කියලා රටට දේශනා පවත්වලා ඒ දේශනා පිට දාලා බලය ලබා ගත්තු කට්ටිය. “

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

“මම දැක්කා එතන මහ මොළකරුවා කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන මිනිස්සු  පාස්කු ප්‍රහාරයේ පොඩි මොළකාරයෝ එතන හිටියා. බොහොම පැහැදිලියි  මේ ජාතිවාදී ලයින් එක ආයෙ ගන්න යන්නේ එදා අර ජාතික ආරක්ෂාව ගැන කියලා බලයට ඇවිත් අනිතිමට ජනතාව එළවලා දාපු කට්ටිය තමයි. ඒ ගොල්ලන් කවදාවත් පාස්කු ප්‍රහාරය සහරාන් පිට දාලා බේරෙන්න බෑ. සහරාන්ට එහා දැවැන්ත බලවේගයක් මේ පිටිපස්සේ තිබුණා.”

“මොකද මම දන්නවා. මම නීතිය හා සාමය නියෝජ්‍ය ඇමතිවරයා විදිහට හිටියා. නාලක සිල්වා මහත්තයා ත්‍රස්ත මර්ධන කොට්ඨාසයේ වැඩකටයුතු කරමින් හිටියා. ඔහුව අන්තිමට හිරේ දැම්මා සිරිසේන මහත්තයා. ඔහුව  හිරේ දැම්මේ කාගේ උවමනාවට ද කියලා අපි දන්නවා. අන්තිම දවස් දෙකේ කුමන්ත්‍රණයක් සිද්ධ වුනා. අපි නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් අපිව එළියට දැම්මා. ඊට පස්සේ නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගත්තේ සිරිසේන මහත්තයා. දවස් 52න් පස්සේ සිරිසේන මහත්තයා අපට ඒ තනතුරු දුන්නේ නෑ. “

“අදටත්  අපි කණගාටු වෙනවා.  නාලක සිල්වා මහත්තයා එක්ක අපි ඉතාම ලඟින් කටයුතු කළා. අපි හිටියා නම් සමහර විට මේ ප්‍රහාරය වැලකෙන්න තිබුණා. අපි දැක්කා බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කරනවා බුද්ධි අංශ  නිලධාරීන් තමයි  සොනික් සොනික් සහ අබු හින් කියන්නෙ කියලා. ඒ බුද්ධි අංශ නිලධාරීන් නම් ඒ කියන පුද්ගලයින්ට ප්‍රහාරය වළක්වා ගන්න බැරිව ගියේ.”

“මේ ගොල්ල ප්‍රහාරය කළ අයට සුදු හුණු ගාලා සේරම එකවුන්ට් එක සහරාන්ට දාලා බේරෙන්න හදන්නේ. එහෙම බේරෙන්න බෑ. අපි මේ ගැන දිගින් දිගටම කතා කළ මිනිස්සු. “

“ඔය සලේ පිට දාලා දැන් කිඹුල් කඳුළු හෙලුවට ඔය කට්ටියගේ මහ මොළ කරු අපි දන්නේ නෑ. නමුත් මහමොළකරුවෙක් ඉන්නවා. මේකට වග කිව යුත්තො තවම ජීවතුන් අතර ඉන්නවා. ඔය සලේ මහත්තයා මටත් කෝටි ගාණක් වන්දි ඉල්ලලා නඩුවක් දාලා තියනවා අපි කතා කරපුවට. “

“ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මහ මොළකරුවා කවුද කියලා. මහ මොළකරුවා හඳුනා ගැනීම ආණ්ඩුවේ යුතුකමක්. “

“එතකොට මේ ගොල්ල ඇඟිල්ල දික් කරනවා ශානි මහත්තයටයි. රවී මහත්තයටයි. මේ දෙපැත්තේ දේශපාලන ෆුට් බෝල් ගැහිල්ලක් නේ සිද්ධ වෙන්නේ.  ආණ්ඩුව සලෙයි පිට දාන්න හදනවා. මේ ගොල්ල ශානියි රවියි පිට  දාන්න හදනවා. අපි මේකට එකඟ නෑ. නලීන් බණ්ඩාර කොහොමවත් එකඟ නෑ. අපි දන්නවා මේව පිටිපස්සේ දැවැන්ත බලවේග තිබුණා කියලා. කිසිසේත්ම මහ මොළකරු මිය ගිය සහරාන් නොවන බව පැහැදිලියි.”

“ඒ නිසා අපේ ගම්මන්පිල මහත්තයො.  ඔයා ක්ෂර්ලොකොම්ස් නෙමෙයි. පරීක්ෂණ පවත්වන්න දැනුමක් හැකියාවක් ඔයාට නෑ. අපි ජාත්‍යාන්තර පරික්ෂණයක් ඕන කියලා කිව්වේ.  මේ ජාතිවාදී නඩය ආයෙ හදන්නේ සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ දඩයම කරේ තියන් ගියා වගේ ආයේ ජාතිවාදී දඩයමක් කරේ තියාගෙන ගිහින් බලය ලබා ගන්න. ඒකට කිසිසේත්ම මම එකඟ නෑ.”

නලීන් බණ්ඩාර මේ ප්‍රකාශය කරන අතර මාධ්‍යවේදියෙක් ඔහුගෙන් හරස් ප්‍රශ්නයක් විමසුවේය.

මාධ්‍යය – ඔබතුමා මේ විදිහට කියද්දි විපක්ෂ නායක තුමා ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට යනවා. එහෙම වෙන්න බෑනේ. එතුමා ගියා ද?

නලීන් බණ්ඩාර – ඒක එතුමාගෙන් තමයි අහන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා නෙමෙයි ගියේ.  මම හිතන්නෙ ඒ.අයි වලින් එතුමාව දාලද කොහෙද… මොකද එතුමාට යන්න බෑ එතෙන්ට.

මාධ්‍යය – ඒ කියන්නෙ ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද එතුමා ගියා කියලා

නලීන් බණ්ඩාර – මම විශ්වාස කරන්නේ නෑ එතුමා ගියා කියලා.  වෙන්න බෑනේ එතුමා කොහොමද එතෙන්ට යන්නේ.

පහත දැක්වෙන්නේ ගම්මන්පිලගේ උත්සවයට ගිය AI  සජිත්ය. 
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුරෝපයේ අවසාන මායාකාරියගේ  කෞතුකාගාරයේ නැවතුනෙමි!

Next Post

ගල් අඟුරු වංචාවේ මහ මොළකාරයා ජනාධි අනුර… නාමල් රාජපක්ෂ හෙළි කරයි!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.