NAITA සහ Huawei එක් වී විදුලිසංදේශ තාක්ෂණ ශීල්පි නව පාඨමාලාවක් අරඹයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (NAITA) සහ Huawei Technology Lanka පුද්ගලික ආයතන එක්ව ආරම්භ කෙරෙන උසස් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම ඔරුගොඩවත්ත ප්‍රතිනිර්මාණය කරන ලද පුහුණු මධස්ථානයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් හා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය විසින් ආධුනිකයින් 30 දෙනෙකුගෙන් ආරම්භවන මෙම උසස් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි පුහුණු පාඨමාලාව සඳහා සියලු නවීන පහසුකම් වලින් සමන්විත ගෘහස්ථ සහ එළිමහන් ප්‍රායෝගීක පුහුණුව ඇතුළත් අංග සම්පුර්ණ විද්‍යාගාරයක්ද Huawei සමාගම විසින් ස්ථාපිත කෙරිණි. මෙම පාඨමාලාව සඳහා ආධුනිකයින් හා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්ද ඇතුළත්ව පුහුණුව ලබා දීමට සැලසුම් කර ඇත.

විදුලි සංදේශ පද්ධති පිළිබඳ සවිස්තරාත්මක න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ද ඇතුළුව පද්ධති නඩත්තුව සහ ආරක්ෂාව පිළිබඳ පුහුණුව ද මෙහි අන්තර්ගත ය.
න්‍යායාත්මක කොටස මාස 06ක් සහ ප්‍රායෝගික පුහුණුව මාස 12ක් ද වශයෙන් පාඨමාලාව සකසා තිබේ. මෙරට වෘත්තීය අධ්‍යාපනය තවත් සංවර්ධනය කීරිමට Huawei සමාගම තවත් ඉදිරියෙදි මෙවැනිම ව්‍යපෘතින් සදහා අනුග්‍රහය ලබා දෙන බව ඒහි ප්‍රධානීන් අමාත්‍යවරුන්ට පවසන ලදි.

මෙම පාඨමාලාවේ තවත් එක් සුවිශේෂීත්වයක් වන්නෙ Huawei Technology Lanka පුද්ගලික සමාගම සතු තාක්ෂණික දැනුම ආධුනික වෘත්තීකයන්ට ලබාදෙමින් නව රැකියා අවස්ථාවන් බිහිකිරිමටත් ඔවුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ චීනයේ Huawei ප්‍රධාන ආයතනය සමග සම්බන්ධ වීමටත් අවස්ථාව සැලසීමය.
මෙම අවස්ථාවන් සදහා Huawei Technology Lanka පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලියැං යී මහතා, අධ්‍යක්ෂ රිකාඩෝ මහතා, ජාතික ආධුනීකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් , පාඨමාලාව සදහා සුදුසුකම් ලැබු සිසු සිසුවියන් ඇතුඵ පිරිසක් සහභාගී වුහ.

Exit mobile version