සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කටුනායක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු කොටු වෙයි: තරුණ හිමිවරුන් 21ක් සහ පිරිවෙන් ගුරුවරයෙකු රැවටූ මහා ජාවාරමේ සුලමුල මෙන්න

by editor
අප්‍රේල් 26, 2026
in පුවත්
kush
Share on FacebookShare on Twitter

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමට අදාළ මහා පරිමාණ ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස සැලකෙන චීවරධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (අප්‍රේල් 26) ගම්ගහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

මඩපාත, ජම්බුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක සිට මෙම ජාලය මෙහෙයවා ඇති මොහු, සෙසු චීවරධාරීන් දෙදෙනෙකු සමඟ එක්ව ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සැලසුම් කර තිබේ.  ඔහු සම්බන්ධ ජාලය පිලිබදව පොලිසිය මේ වනවිට අවධානය යොමු කර තිබේ. විමර්ශන අංශ විශ්වාස කරන්නේ ඔහු සමග සම්බන්ධකම් පවත්වන තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හෝ කණ්ඩායමක් සිටින බවය.

ඔහු මේ මෙහෙයවීම කර ඇත්තේ පුණ්‍ය සංවිධානයක් පවත්වා ගෙන සමාජ මෙහෙවරක යෙදෙන ආකාරයෙනි.  ෆේස්බුක් (Facebook)   ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩවසන, උසස් අධ්‍යාපනයේ නිරත තරුණ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම්කරු සිය ජාලය ව්‍යාප්ත කර ඇත.

භික්ෂූන්ට ජාත්‍යාන්තර අත්දැකීමක් ලබා දීම මතුකරමින් සංවිධානය කරන මෙම  චාරිකාවෙන් අනතුරුව දායකයින් විසින් පාසල් දරුවන් වෙත ප්‍රදානය කරන ද්‍රව්‍ය  ගමන සංවිධානය කරන භික්ෂුවට ලබා දීමට ඒ චාරිකාවට සම්බන්ධවන භික්ෂූන්ට සිදුවේ.

මේ ගමන් සංවිධානය මේ කණ්ඩායම විසින් සුලභව සිදුකර තිබිණි.  .  සංවිධායක චීවරධාරියා ඇතුළු තිදෙනෙකුගෙන් යුත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර චීවරධාරින් කණ්ඩායම  පසුගිය මාසයේදී ද හිමිවරුන් 12 නමකගෙන් යුත් කණ්ඩායමක් මේ ආකාරයෙන්ම තායිලන්තය වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

එපමණක් නොව, ලබන මාසයේදී ද තවත් හිමිවරුන් පිරිසක් තායිලන්තයට රැගෙන යාමට මොවුන් සූදානමින් සිටියදී මෙම වැටලීම සිදු කර තිබේ.

ගුවන් තොටුපළ කළඹමින් හසු වූ රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය

පසුගිය අප්‍රේල් 22 වනදා පුණ්‍යාධාර සහ අධ්‍යාපනික චාරිකාවක් සඳහා බව පවසමින් තායිලන්තයේ බැංකොක් නුවර බලා වැඩම කළ භික්ෂූන් වහන්සේලා 22 නම අප්‍රේල් 25 වනදා රාත්‍රියේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂාවේදී එම හිමිවරුන් සතු ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 112කට අධික ( ‘කුෂ්’ (Kush) සහ ‘හෂීෂ්’ (Hash) මත්ද්‍රව්‍ය තොගය සොයාගැනුණි. මෙහි ශ්‍රී ලංකා වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 110කට (බිලියන 1.1) අධික බව ගණන් බලා තිබිණි.

මෙම ජාවාරම සඳහා එකම ආකාරයේ, වර්ණවත් ‘හාර්ඩ්-ෂෙල්’ (Hard-shell) ගමන් මලු භාවිත කර තිබිණි.  ඒවායේ ව්‍යාජ අඩි (False bottoms) තුළ මත්ද්‍රව්‍ය අසුරා තිබුණි. පරීක්ෂා කිරීම්වලදී සැක මතු නොවන පරිදි ගමන් මලු තුළ පාසල් උපකරණ, රසකැවිලි සහ ආහාර ද්‍රව්‍ය අසුරා තිබුණේ ඒවා පාසල් දරුවන්ට ලබාදෙන පරිත්‍යාග බව පෙන්වීමටය.

අත්අඩංගුවට ගත් හිමිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, තායිලන්ත සංචාරය සඳහා ගුවන් ටිකට්පත්, නවාතැන් සහ ආහාර ඇතුළු සියලු පහසුකම් නොමිලේ ලබා දී තිබූ බවයි. ඒ වෙනුවෙන් එහි සිටින දායකයින් ලබාදෙන “පාසල් උපකරණ බෑග්” ලංකාවට රැගෙන එන ලෙස ප්‍රධාන සංවිධායකයා  මෙම පිරිසට පවසා ඇත. තමන් රැගෙන එන බෑග්වල මත්ද්‍රව්‍ය ඇති බව තමන් නොදන්නා බව අත්අඩංගුවට පත් හිමිවරුන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස සහ තායිලන්තයේ හැසිරීම

අත්අඩංගුවට පත් 22 නමකගෙන් යුත් කණ්ඩායම තුළ වයස අවුරුදු 30ට අඩු, විවිධ විහාරස්ථානවල වැඩවසන සහ උසස් අධ්‍යාපනය ලබන තරුණ හිමිවරුන් 21 නමක් වූහ. පිරිවෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන එක් වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් ඇතුළත් වේ.  ඔවුන්ගෙන් තිදෙනෙක් මීට පෙරද  මේ ජවාරම්කාර චීවරධාරියා සංවිධානය කර තිබූ මෙවැනි චාරිකා සදහා බැංකොක් පැමිණ තිබිණි.

තායිලන්තයේ සිටි වකවානුව තුළ සිවිල් ඇඳුමින් සැරසි ගණිකා මඩම් සොයමින් සැරිසැරූ පුද්ගලයින් වන්නේ මේ ගමනට හුරුපුරුදු චීවරධාරින් බව විමර්ශන අංශ පවසන්නේය.

අත්අඩංගුවට ගත්  චීවරධාරීන්  22  ම අද (අප්‍රේල් 26) පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 7ක කාලයක් රඳවා තබා ගැනීමට නියෝග කර ඇත. 

ගම්ගහමුල්ලේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන චීවරධාරියා සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයේ පසුපස සිටින සෙසු පුද්ගලයින් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

තායිලන්තය මත්ද්‍රව්‍ය ජාවාරමට තෝරා ගන්නේ ඇයි?

තායිලන්තය 2022 වසරේදී ගංජා සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.  නමුත්  2026 වසර වන විට එම නීති සහමුලින්ම දැඩි කර ඇති අතර විනෝදාස්වාදය සඳහා ගංජා, කුෂ් (Kush) හෝ හෑෂ් (Hashish) භාවිතය දැන් එරට තුළ සහමුලින්ම තහනම් වේ. වත්මන් නීතියට අනුව ඕනෑම ආකාරයක ගංජා නිෂ්පාදනයක් ළඟ තබා ගත හැක්කේ ලියාපදිංචි තායි වෛද්‍යවරයෙකුගේ නිසි වෛද්‍ය නිර්දේශයක් යටතේ සෞඛ්‍යමය අවශ්‍යතා සඳහා පමණක් වන අතර, මත්ගතිය ඇති කරන THC සාන්ද්‍රණය 0.2% ට වඩා වැඩි නිෂ්පාදන පාලිත මත්ද්‍රව්‍ය ගණයට ඇතුළත් කර තිබේ.

විශේෂයෙන්ම හෑෂ් යනු ගංජා ශාකයේ සාරය භාවිත කරමින් අධික සාන්ද්‍රණයකින් නිපදවන ද්‍රව්‍යයක් බැවින්, බලපත්‍රයකින් තොරව එය ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස තායිලන්ත බලධාරීන් සලකනු ලබයි.

ප්‍රකාශිත තත්ත්වය එසේ වුවද  ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය ජාලයන් සඳහා තායිලන්තය තෝරා ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එරට තුළ වෛද්‍යමය අරමුණු සඳහා ගංජා වගා කිරීමට අවසර තිබීම හේතුවෙන් ගංජා ආශ්‍රිත නිශ්පාදන සුලභ වීමය. එමෙන්ම  ශ්‍රී ලංකාව වැනි රටවලට සාපේක්ෂව මිල  ඉතා අඩු මට්ටමක පැවතීමය. උසස් තත්ත්වයේ ගංජා විශේෂයක් වන ‘කුෂ්’ සහ එහි සාරය වන ‘හෑෂ්’ තායිලන්තය තුළ සාපේක්ෂව පහසුවෙන් සොයාගත හැකිය.

එහෙත් ඒවා ජාත්‍යන්තර දේශසීමා හරහා ප්‍රවාහනය කිරීම දැඩි ලෙස තහනම් කර ඇත. කෙසේ වෙතත්, වෛද්‍යමය ලේබලය යටතේ හෝ පුණ්‍යාධාර මලු ලෙස ව්‍යාජ ලෙස පෙන්වමින් ඉතා අඩු මිලට ලබාගන්නා මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව වැනි රටවලට රැගෙන ඒම හරහා ඒවායේ වටිනාකම දස ගුණයකට වඩා වැඩි කර ගැනීමට ජාවාරම්කරුවන්ට හැකියාව ලැබී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශනවලට අනුව, තායිලන්තයේ සංචාරක පහසුකම් නොමිලේ ලබා දී මෙම පිරිස ලවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ සූක්ෂ්ම ලෙස සැඟවූ ගමන් මලු භාවිත කරමින් වුවද, ජාත්‍යන්තර බුද්ධි තොරතුරු සහ තායිලන්තයේ මත්ද්‍රව්‍ය පාලන අංශ සමඟ පවතින සබඳතා හරහා මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

මහානායක හිමිවරුන් කීවේ කුමක් ද?

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන සියලුම භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස   මහානායක හිමිවරු අද නිවේදනයක් නිකුත් කරමින් රජයට දන්වා සිටියහ..

මෙරට භික්ෂු පරපුරට සහ සම්බුද්ධ ශාසනයට දැඩි අපකීර්තියක් එක් කරමින් සිදුකළ මෙම නින්දිත ක්‍රියාව ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මහානායක හිමිවරුන් සිය දැඩි පිළිකුල සහ අප්‍රසාදය පළ කර සිටියහ.

භික්ෂූන් වහන්සේ නමකට සමාජය තුළ හිමි සාම්ප්‍රදායික ගෞරවය සහ බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුණු මෙම පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව උන්වහන්සේලා පෙන්වා දෙති.

තරුණ භික්ෂූන් වහන්සේලා උපක්‍රමශීලීව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලවලට සම්බන්ධ කරගන්නා සංවිධානාත්මක ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වහා විමර්ශන පවත්වා ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරක්ෂක අංශ යුහුසුළු විය යුතු බව මහානායක හිමිවරු වැඩිදුරටත් අවධාරණය කරති.

එමෙන්ම, තමන් යටතේ සිටින තරුණ භික්ෂූන්ගේ හැසිරීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, යම් හෙයකින් ශාසන විරෝධී ක්‍රියාවක නිරත වන්නේ නම් ඔවුන් ආයති සංවරයෙහි පිහිටුවීමට සියලු ආචාර්යවරුන් කැපවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිසටම් එක හැක් කරලා නැති බව හොඳටම විශ්වාසයි… මේ වෙලා තියෙන්නේ වෙන දෙයක්…. හර්ෂ කියයි!

Next Post

සාම පා ගමන හයවන දිනටත් ඇරඹෙයි… යක්කල සිට කැළණිය දක්වා වැඩම කරවයි…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.