බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තර්ජනය කර ප්‍රකාශ ගත් බව කපිල චන්ද්‍රසේනගෙන් දිවුරුම් ප්‍රකාශයක්!

by editor
මාර්තු 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන් බිය ගන්වා කටඋත්තර ලබාගත් බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පවසයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහු   ඇත්තේ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අයගේ නම් හෝ ඔවුන්ගේ බලපෑමක් සම්බන්ධයෙන් කටඋත්තරයේ සඳහන් වන්නේ නම්, එය ස්වේච්ඡාවෙන් සිදු කරන ලද්දක් නොවන බවය.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා සිදු කළ තර්ජන හමුවේ ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගනිමින් අදාළ නිලධාරියා මෙම ප්‍රකාශය ලබාගත් බව ඔහු අවධාරණය කරයි.

කපිල චන්ද්‍රසේන ඉදිරිපත් කළ    දිවුරුම් ප්‍රකාශයේ මෙසේ ද දැක්වේ.

උපුටාගැනීම…

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

දිවුරුම් ප්‍රකාශයයි

කොළඹ 07. ඛාන්ස් පෙදෙස, අංක 71/4 හි පදිංචි කපිල චන්ද්‍රසේන (ජා.හැ. අංක 196433810075) වන මා බෞද්ධාගමිකයකු වශයෙන් සත්‍ය ලෙසත්, අවංකවත්, ගාම්භිරතා පූර්වකව ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින වගනම්,

1) ඉහත සඳහන් ප්‍රතිඥා ප්‍රකාශක මම වෙමි.

2) මා ප්‍රකාශ කර සිටින්නේ 2026.03.12 වන දින ප්‍රකාශයක් ලබා දීම සඳහා කරන ලද දැනුම්දීමකට අනුව මාගේ නීතිඥවරයා සමග මා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගිය බවයි.

3) මා ප්‍රකාශ කර සිටින්නේ මාගේ ප්‍රකාශය සටහන් කරමින් සිටින අතරතුර. මාගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලද නිලධාරියා. ප්‍රකාශය සටහන් කරමින් සිටි කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණි සර පොඩ්ඩක් යං ‘ යනුවෙන් මට කතා කර, එකී විමර්ශන අංශය පිහිටා තිබු එම ගොඩනැගිල්ලේ 3 වන මහලෙන් පිටතට රැගෙන ගොස් විදුලි සෝපානයෙන් මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලට රැගෙන ගිය බවත්, මා සමඟ නිලධාරින් දෙදෙනෙකු ගිය බවත්, ඒ යන අතරතුර විදුලි සෝපානය තුළදී මා සමග ගිය එක් නිළධාරියෙක් “ඔය බයිලා කියලා හරියන්නෙ නැහැ. අපිට ඕන දේ කියන්න, ගැත්නම් ඇරෙස්ට් කරන්න වෙනවා යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එවිට මා සිද්ධ වුන දේ තමයි මම කියන්නේ. මම බයිලා කියන්නේ නැහැ” ලෙස ඔහුට ප්‍රකාශ කළ බවයි.

4) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් පසු මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලේ පිහිටි හිස් කාමරයක් තුළට රැගෙන ගොස් මා හට වාසි වීමට සැලැස්වු ‍බවත්, කාමරයට ඇතුලුවන අවස්ථාවේදී තවත් නිලධාරියෙකු එකී කාමරයේ දොර අසල සිටි බවත්, මා සමග ගිය නිලධාරීන් දෙදෙනාද මා වාඩිකර එම කාමරයෙන් පිටත දොර ළඟ රැඳී සිටි බවත්, ඉන් ස්වල්ප වේලාවකට පසු සුදු අත් දිග ෂරට් එකක්. කළු කලිසමක් සහ කළු ටයි පටියක් පැළැඳ සිටි අල්ලස් හා දූෂණ විමරශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා මා සිටි කාමරයට පැමිණි බවත්, එවිට මා සිට ගත් බවත්. ඔහු කාමරයට පැමිණෙන විටම මාගෙන් මාව දන්නවා නේද’ කියා ඇසූ බවත්, මම එවිට “ඔව් සර් යනුවෙන් පැවසූ බවත්, ඔහු මා අසල වූ පුටුවේ වාඩිවී මා හට වාඩි වන ලෙස දැන්වූ බවයි.

5) මා ප්‍රකාශ කර සිටින්නේ මෙම නඩුවේ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂ දෙපාරතමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු B 14363/19 අංක දරණ නඩුවේ සැකකරුවෙකු වූ මා හට ඇප ප්‍රධානය කිරීමේ නියෝගය කරන ලද්දේ චරිතමාන අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබන අවදියේදී බවත්, ඒ අනුව මම ඔහුව දන්නා බවත්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් වූ පසු රූපවාහිහියෙන්ද මා ඔහුව දැක ඇති බවයි.

6) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා ” මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නව ඇතිනෙ කවුද කියල. දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියග නඩුවේ කෙනෙක්. මිහිහට මම වාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩි එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.

7) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන්පසු මා සමග පැමිණි නිලධාරීන් දෙදෙනා නැවතත් මා 3 වන මහලට රැගෙන යන අතරතුර ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මාගේ නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනිමට අවශ්‍ය බව එම නිලධාරීන්ට දැනුම් දුන් විට “ඔයා ප්‍රකාශෙ දෙන ගමන්නේ තාම ඉන්නේ, ඒ හින්දා ඉවර වෙනකන් නීතිඥ මහත්තයා හම්බවෙන්න දෙන්න බැහැ” යනුවෙන් පැවසු බවයි.

8) මා ප්‍රකාශ කර සිටින්නේ ඉහත තර්ජනය කිරීම හේතුවෙන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් රූපවාහිනියේ සිදු කරන ලද කතා ඇසීමෙන් ඔහු හරිදේ කරන කෙනෙකු යැයි මාගේ සිතේ ඇදී තිබු ප්‍රතිරූපය නැති වී ගිය බවත්, අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිදු කරන ලද බලපෑම සහ තර්ජනය හේතුවෙන් මා බයට සහ තැති ගැන්මට ලක් වු බවත්, මා හටද මාගේ ජීවිතය එපා කරවා මා හටද එල්ලී මිය යාමට තරම් මාගේ සිතට දරාගත නොහැකි පීඩනයක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් එල්ල කරනු ඇති බවට වු බය නිසා මාගෙන් ප්‍රකාශය ලබා ගත් නිලධාරියාට අවශ්‍ය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද, මාගේ බිරිදගේද නම් ඇතුලුව එම ප්‍රකාශය ලබා දුන් බවයි.

9) මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව. එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බිය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගනිමින් මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බවයි.

ඉහත දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය ප්‍රතිඥා ප්‍රකාශක විසින් කියවා තේරුම්ගෙන සත්‍ය බවට පිළිගෙන, ප්‍රතිඥා දී වර්ෂ 2026 ක් වු මාර්තු මස 18 වන දින මා ඉදිරියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී අත්සන් කරන ලදි.

උපුටාගැනීම අවසන් 

මේ ලිපියත් කියවන්න….

එයාර්බස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන හෙළි කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එයාර්බස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන හෙළි කරයි!

Next Post

දිඹුලාගල ආරණ්‍යයේ විදුලි අර්බුදයට තිරසාර විසඳුමක්: ලක්ෂ 390ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹේ!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.