බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටහිරට සහතික වැඩක් නෑ; අපේ එකම ඇපකරය හෝමුස් සමුද්‍ර සන්ධියයි – ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්!

by editor
මැයි 28, 2026
in පුවත්
Hormoz
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඉදිරියේ දී පවත්වනු ලබන කිසිදු සාකච්ඡාවක දී බටහිර රටවල් ලබා දෙන අත්සන් හෝ ලිඛිත පොරොන්දු කෙරෙහි ඉරානය තවදුරටත් විශ්වාසය නොතබන බව ඉරාන ඉස්ලාමීය විප්ලවයේ නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක අලි අක්බර් වෙලායති (Ali Akbar Velayati) අවධාරණය කරයි. විදේශීය බලපෑම් සහ බටහිර රටවල් පොරොන්දු කඩ කිරීමට එරෙහිව ඉරානය සතු අවසාන සහ ප්‍රබලම උපායමාර්ගික අවිය ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) බව ඔහු පෙන්වා දෙයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් වෙලායති ප්‍රකාශ කර ඇත්තේ, වසර ගණනාවක් මුළුල්ලේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිදුකළ ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කිරීම්, බලපෑම් සහ සතුරු ආකල්ප හමුවේ ඉරානයේ ස්ථාවරය දැන් වඩාත් පැහැදිලි වී ඇති බවයි.

“ඇලෙක්සැන්ඩර් සහ ජෙන්ගිස් ඛාන්ගේ සිට ට්‍රම්ප් දක්වා, ආධිපත්‍යය පතා පැමිණි සෑම ආක්‍රමණිකයෙකුම අවසානයේ ඉරානයේ ගැඹුරු සහ කල්පවත්නා ශිෂ්ටාචාරය හමුවේ අන්ත පරාජයට පත් වූ බව ඉතිහාසය පෙන්වා දෙනවා,” යැයි ඔහු සඳහන් කර තිබේ. ජාතික අනන්‍යතාවය හෝ ස්වෛරීභාවය ‘තෙල් ඩොලර්වලට’ මිලදී ගැනීමට හෝ දේශපාලන හා ආර්ථික පීඩනයන් මඟින් පැටවීමට නොහැකි බව ද ඔහු පවසයි.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය පීඩනයට ලක් කිරීමේ මෙවලමක් ලෙස භාවිත කරමින්, දිගින් දිගටම ගිවිසුම් කඩකර ඇති පසුබිමක, ලියකියවිලි හෝ අත්සන් තවදුරටත් ප්‍රමාණවත් ඇපකරයන් ලෙස ඉරානය නොසලකන බව වෙලායති පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත:

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

“මේ වතාවේ කඩදාසි සහ අත්සන් අපට ඇපකර වන්නේ නැහැ. ඕනෑම ගිවිසුමක් ආරක්ෂා කර ගැනීමේ වෛෂයික ඇපකරය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියයි. භූගෝල විද්‍යාව බොරු කියන්නේ නැහැ. කඩදාසි මත ලියැවෙන ගිවිසුම්වල අවසාන විනිශ්චයකරු එයයි.”

පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක වෙන් කරන පටු ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ සමස්ත තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් (1/5) පමණ හසුරුවන, ඉරානයේ වැදගත්ම උපායමාර්ගික සම්පතකි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව, ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නාවික හමුදාව මෙම සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය සියතට ගත්තේය. පසුව අප්‍රේල් 8 වැනිදා පකිස්ථානයේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණ ද, ඉරානය තවදුරටත් එම ජල මාර්ගයේ සිය බලය සහ අධිකාරිය එලෙසම පවත්වාගෙන යනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

Next Post

IMF පස්වන සහ හයවන සමාලෝචන නිමා වෙයි: ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක මූල්‍ය පහසුකම් නිදහස් කෙරේ!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.